English
සිංහල
01:00 බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 30, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මෙම වසරේ පළමු මාස 08 තුළ ගුවන් ක්ෂේත්‍රයට බිලියන 22ක ලාභයක්.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp
    • පලාලි අන්තර් ජාතික ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථක යි – අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා.


    මෙරට ගුවන් ක්ෂේත්‍රයේ සේවා සැපයීමෙන් 2023 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා රුපියල් බිලියන 22 ක ලාභයක් උපයා ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

    ඉන් රුපියල් බිලියන 10ක පමණ ප්‍රමාණයක් මේ වන විට මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ, “ස්ථාවර රටකට- සැවොම එක මගකට” මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි .

    පලාලි අන්තර්ජාතික ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථක ලෙස ඉදිරියට කරගෙන යමින් තිබෙන බවද සඳහන් කළ අමාත්‍යවරයා එය මේ වන විට ගුවන් ගමන් වාර 200 සම්පූර්ණ කර තිබෙන බවද පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද පැවසීය,

    පසුගිය කාලය තුළ පැවැති විවිධ අර්බුද හමුවේ ගුවන් සේවා කටයුතු පවත්වාගෙන යාම විශාල අපහසුතාවයකට පත්ව තිබුණා. කොවිඩ් වසංගතය නිසා ගුවන් ගමන් වාර නවතා දමා තිබුණා . ඒ වගේම සංචාරකයින්ගේ පැමිණීම තිබුණේ ද ඉතා පහල මට්ටමකයි. ඩොලර් අර්බුදය හේතුවෙන් සමස්ත ගුවන් ක්ෂේත්‍රයම විශාල අර්බුදයකට මුහුණ දුන්නා. උදාහරණයක් ලෙස එම වකවානුවේ ගුවන් යානා සඳහා ඉන්ධන ලබා ගැනීම පවා ඉතා අසීරු වුණා. ඒ කාලයේ ගුවන් යානා සඳහා ඉන්ධන ලබා ගත්තේ එක් ගුවන් යානයක් මදුරාසියට යවා එමඟින් තවත් ගුවන් යානයකට අවශ්‍ය ඉන්ධන ගෙන ඒම හරහායි. නමුත් ඛනිජ තෙල් අමාත්‍යවරයාගේ සහ මාගේ මැදිහත්වීම මත ගුවන්යානා සඳහා ඉන්ධන ආනයනය පෞද්ගලික අංශය ට ලබාදීම ‍ තුළින් හිඟයකින් තොරව ගුවන් යානා සඳහා ඉන්ධන ලබාගැනීමට හැකි පරිසරයක් නිර්මාණය වුණා . ඒ වගේම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල නවීන තාක්ෂණය යොදා ගෙන සංවර්ධනය කිරීම නිසා අන්තර් ජාතික ගුවන් සේවා අධිකාරිය විසින් එය අග්නිදිග ආසියාවේ ප්‍රධානම ගුවන් තොටුපළක් බවට නම් කරීමට කටයුතු කර තිබෙනවා. ඒ සමඟම ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබු විවිධ ගුවන් සමාගම්වලට අයත් ගුවන් යානාවල වාර ගණන වැඩි කිරීමට ඔවුන් කටයුතු කළා.

    ඒ අනුව එමිරේට්ස් ගුවන්යානා සතියකට ගුවන් ගමන් වාර 28ක්, චයිනා ඊස්ටන් එයාර් සතියකට ගුවන් ගමන් වාර 05ක්, එතිහාර්ඩ් ගුවන් වාර 06ක්, කටාර් එයාර් ගුවන් වාර 35ක්, එයාර් අර්බියා ගුවන් වාර 11ක්, එයාර් ඉන්ඩියා 17ක්, ජසීරා එයාර් 04ක් ලෙස ගුවන් මෙහෙයුම් කටයුතු සිදු කරමින් තිබෙනවා. ඒ වගේම තවත් ගුවන් සමාගම් කිහිපයක් සිය මෙහෙයුම්වාර ශ්‍රී ලංකාව හරහා ආරම්භ කිරීමට එකඟතාව පළකර තිබෙනවා.

    ඒ වගේම පලාලි අන්තර්ජාතික ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථක ලෙස ඉදිරියට කරගෙන යමින් තිබෙනවා. සතියකට තුන් වතාවක් පමණක් මදුරාසිය සහ පලාලි අතර පැවති ගුවන් මෙහෙයුම් වෙනවිට ගුවන් වාර 200 සම්පූර්ණ කර තිබෙනවා.

    කොරෝනා වසංගතය සහ රටපුරා පැවැති ආර්ථික අර්බුදය හමුවේ මගීන් ගෙන් තොර කලාපයක්ව තිබුණු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල මේ වන විට කාර්යබහුල ගුවන්තොටුපලක් බවට පත්වෙමින් තිබෙනවා. එය පසුගිය අගෝස්තු මාසයේ මගීන් 650,000 අධික පිරිසකට සේවා සපයා තිබෙනවා. ගුවන් සේවා සැපයීමෙන් මෙම වසරේ පළමු මාස අට තුළ රුපියල් බිලියන 22ක ලාභයක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා. එයින් රුපියල් බිලියන දහයක් මහා භාණ්ඩාගාරයට අප ලබාදී තිබෙනවා.

    මත්තල ගුවන්තොටුපල සඳහා ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. එහි මෙහෙයුම් පාඩුව අවම කර ගැනීම සඳහා ද දැනටමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සේවාව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා. එම යෝජනාව මහා භාණ්ඩාගාරයට යොමු කිරීමෙන් පසුව ඒ සම්බන්ධව ලෝක බැංකුව සමග ද සාකච්ඡා කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පාරදෘශ්‍ය භාවයක් ඇති කිරීමට ජාත්‍යන්තර උපදේශකවරයෙකුගේ සහාය ලබා ගැනීමට යෝජනා කෙරුණා. ඒ අනුව නව උපදේශකවරයෙක් මේ වන විට පත්කර ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. එම කටයුත්ත සැලසුම් කළ ආකාරයට සිදු වුවහොත් ලබන වසරේ පෙබරවාරි මාසය වන විට අපේක්ෂිත ප්‍රතිලාභ ලබා ගත හැකියි.

    මේ වන විට අප අයිති කිසිදු ගුවන් යානයක් නැහැ. තිබෙන සියලු ගුවන් යානා ලබාගෙන තිබෙන්නේ කල් බදු පදනම යටතේයි. ගුවන් යානයක් මිලදී ගැනීම ක්ෂණිකව සිදුකළ නොහැකියි. එහිදී ඇණවුම භාරදී වසරක පමණ කාලයක් බලාගෙන සිටීමට සිදුවෙනවා. අපට A330 ගුවන් යානා නොමැතිවීම නිසා එංගලන්තයට, ප්‍රංශයට, ඕස්ට්‍රේලියාවට මෙහෙයුම් කටයුතු කිරීමට හැකියාවක් නැහැ. දැනට අප කල්බදු ක්‍රමයට ගෙන තිබෙන ගුවන් යානා සියල්ලම A320 යානායි. එම ගුවන් යානාවලින් දුර මෙහෙයුම් කටයුතු සිදු කරන්න බැහැ. එම නිසා මෙම ගැටලු ද විසඳා ගැනීමට සිදු වන්නේ ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම හරහායි.

    පසුගියදා ගුවන් ගමන්වල සිදු වූ ප්‍රමාදයන් නිසා සිදු වූ පාඩුව ඩොලර් බිලියන 06 ක් පමණ වෙනවා. වෘත්තිය සමිති කියා සිටියේ ගුවන් යානා වල තාක්ෂණ දෝෂ නිසා එම ප්‍රමාදයන් සිදු වූ බවයි. නමුත් ගුවන් ඉංජිනේරුවරයකුගේ සහතිකයක් නැතුව ගුවන් නියමුවෙකුට ගුවන් යානයක් අහසට ඔසවන්න හැකියාවක් නැහැ. අනෙක් කාරණාව නම් අනෙක් ගුවන් සමාගම් වල ගුවන් නියමුවන් මසකට ගුවන් පැය සීයක ගුවන් ධාවන කාලයක් සිදු කළත් අපේ ගුවන් නියමුවන් ගෙන් බහුතරය පියාසර කර තිබෙන්නේ ගුවන් පැය 63ක් පමණයි. එම නිසා විවිධ චෝදනා සිදු නොකර ආයතන හැටියට සාර්ථක ඉදිරියට යාමට තම තමන්ගේ කැපවීම ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ඒ සඳහා සේවකයන්ගේ ආකල්ප ද වෙනස් විය යුතුයි. ඒ වගේම ගුවන් නියමුවෙකුට රුපියල් මිලියන 4ක, (ලක්ෂ 40 ක) මාසික වේතනයක් ලබා දෙනවා. නමුත් ඔවුන් ලෝකයේ දියුණු ගුවන් සමාගම් ලබාදෙන ඉහළ වැටුප් පෙන්වමින් වැඩි වැටුපක් ඉල්ලා සිටිනවා. නමුත් මේ මොහොතේ එවැනි වැටුප් වැඩිවිමක් ලබාදීමට හැකියාවක් නැහැ.

    ඒ වගේම එයාර් ඉන්දියා ආයතනය, ටාටා ආයතනය විසින් මේ වන විට මිලදීගෙන තිබෙනවා. ඔවුන් මේ වන විට boeing 777 ගුවන් යානා 250ක් සඳහා ඇනවුම් භාර දී තිබෙනවා. අපද එවැනි කලාපීය ගුවන් සමාගම් සමග ඒකාබද්ධව ඉදිරියේදී ගුවන් ගමන්වාර වැඩ කිරීම තුළින් ශ්‍රී ලංකන් සමාගමේ 6000වන සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කරගනිමින් ශක්තිමත් ගුවන් සේවයක් ඇති කර ගැනීමට හැකියාව තිබෙනවා.

    ( ජනාධිපති මාධ්‍ය ඒකකය )

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version