වලස්මුල්ල විජේසිරිපුර ප්‍රදේශයේ, නිවසකට ඇද තිබූ විදුලි රැහැනකින් විදුලි සැර වැදීමෙන් 25 හැවිරිදි එක්දරු මවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මියගිය කාන්තාවගේ නිවසට ඇද තිබූ මෙම විදුලි රැහැන, කණුවද සමඟ පෙරළී ගොස් තිබූ අතර එය ඉවත් කරන ලෙස විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීම් කළද ඔවුන් එය නිවසේම තිබූ කම්බි වැටක අමුණා ගොස් තිබේ.මෙම කාන්තාව රෙදි වේලීම සඳහා තෙත රෙදි කම්බි වැටට දමන විටදී මෙලෙස විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.














































