2021 සහ 2022 වර්ෂවල ලක්ෂ 27කට වැඩි පිරිසකගේ රැකියා අහිමි වී ඇති අතර ලක්ෂ 27ක් දරිද්‍රතාවයට ඇද වැටී ඇති බව ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ සඳහන්ය.
ශ්‍රී ලංකාවේ දියාරූ දේශපාලන තත්ත්වය රටේ ආර්ථික දැක්ම සඳහා සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් ඇති කරන බව ලෝක බැංකුව ප්‍රකාශ කර තිබේ.
ඔවුන් පෙන්වාදෙන්නේ, ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සදහා බාහිර මෙන්ම ඇතැම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද අවශ්‍ය වනු ඇති බවය.
ලෝක බැංකුව සිය නවතම වාර්තාව මඟින් පෙන්වා දී ඇත්තේ 2023 වර්ෂය සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු අභියෝගවලට මුහුණදෙන බවය.
2023 වර්ෂය තුළ මෙරට ආර්ථිකය සියයට 4.3කින් හැකිලෙනු ඇති බවට එම වාර්තාව මගින් පුරෝකථනය කර තිබේ.
ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ මුල්‍යකරණයේ සහය ඇතිව රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන ශක්තිමත් සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් ආර්ථිකය යහපත්ව පවත්වා ගැනීමට හැකියාව පවතින බව ලෝක බැංකුව පෙන්වාදෙයි.
දිළිඳු පවුල් සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කරගැනීම සඳහා වැඩි අවධානයක් යොමුකළ යුතු බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
සරත් සමරනායක.














































