ව්‍යාජ ලේඛන සකස් කළ පුද්ගලයෙකු මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
මෙම පුද්ගලයා අධ්‍යාපන අමාත්‍යාශයේ නිල නාමය, තනතුර හා අමාත්‍යාංශ ලිපි ශිර්ෂ ව්‍යාජ ලෙස යොදා , ව්‍යාජ ලේඛන සකස් කර , මහනුවර ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයකට ළමුන් 29 දෙනෙකු ඇතුළත් කර වංචාවක් සිදුකර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාශයේ අතිරේක ලේකම්වරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මහනුවර ධර්මාශෝක මාවත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.
එමෙන්ම සිදුකළ විමර්ශනවලදී ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ග්‍රාම සේවා සහතික නිකුත් කරමින් ඊට ආධාර අනුබල දුන් දෙයියන්දර ග්‍රාම නිලධාරිවරයා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.














































