යාපනය ,චාවකච්චේරි,මරවනපුලවි වෙරළ ප්‍රදේශයේ තිබී ජෙලනයිට් කූරු 29ක් ඊයේ (27) සවස සොයාගත් බව වාර්තා වේ.
යුධ හමුදා බුද්ධි නිලධාරින් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ ජෙලනයිට් කූරු සොයාගෙන ඇති බව සදහන්.
කිසියම් පුද්ගලයකු නීතිවිරෝධී මසුන් මැරීමට යොදා ගැනීම වෙනුවෙන් අදාළ ජෙලනයිට් කූරු ගෙනැවිත් සගවා තබන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරනු ලබයි.
අත්අඩංගුවට ගත් ජෙලනයිට් කූරු චාවකච්චේරි අධිකරණ නියෝග යටතේ බෝම්බ නිශ්ක්‍රීය අංශ විසින් විනාශ කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.














































