මෙරට පැවැත්වෙන ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා , පාකිස්ථාන සහ බංගලාදේශ යන ක්‍රිකට් කණ්ඩායම් තුන පාකිස්ථානයේ සිට එකම ගුවන් යානයකින් ඊයේ (07) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ.
ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය බංගලාදේශය සමග හෙට (09) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
එමෙන්ම ඉන්දියාව සමඟ එළඹෙන 12 වනදාත් , පාකිස්ථානය සමඟ එළඹෙන 14 වනදාත් ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතව තිබේ.













































