මෙම වර්ෂයේ හෙද පුහුණු පාඨමාලාව සඳහා 3500 දෙනෙකු බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව 2019 සහ 2020 යන වර්ෂවල ජීව විද්‍යා විෂය ධාරාවෙන් හෝ භෞතික විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් සිසු සිසුවියන්ගෙන් අනිද්දා සිට ලබන මස 18 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීමට නියමිතව තිබේ.
ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු www.health.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.













































