සපුගස්කන්ද, සිරිමංගල පාර හතර වැනි පටුමඟ ප්‍රදේශයේ දී උලකින් ඇන පුද්ගලයකු ඝාතනය කළ සිද්ධියක් සපුගස්කන්ද පොලීසියෙන් වාර්තා වී තිබේ.
සිය මිතුරා ගෙන් ලබා ගැනීමට තිබූ රුපියල් 3,500ක මුදලක් ලබා ගැනීමට යාමේ දී ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු කර ඇත.
ඊයේ (29) සවස හතරට පමණ මෙම සිදුවීම සිදු වී ඇති බවට පොලීසිය වාර්තා කරයි.
ගේට්ටුවක් සාදා දී ලබා ගැනීමට ඉතිරි ව තිබූ රුපියල් 3,500ක හිඟ මුදල ලබා ගැනීමට එන ලෙස කළ ඉල්ලීමට මියගිය පුද්ගලයා සිය මිතුරා ගේ නිවසට ගොස් ඇත.
එම අවස්ථාවේ දී මෙම කතාබහ ඇති වී තිබෙන අතර, මරණකරු කිරිබත්ගොඩ රෝහලට රැගෙන යාමේ දී මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා වෙළෙඳාම් කටයුතුවල නිරත වන රොෂාන් චමින්ද නැමැති 41 හැවිරිදි තිදරු පියෙකි.
සැකකරු ඊයෙ හවස සපුගස්කන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.














































