අවිස්සාවේල්ල , තල්දූව , ඉහළමංකඩ ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිවිදෙනකු විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .
විශේෂ කාර්‍ය බලකාය පවසන්නේ මොවුන් , මෙම සිද්ධියේ වෙඩික්කරුවන්ට තොරතුරු ලබා දීම, වෙඩිකරුවන්ට ත්‍රිරෝද රථයෙන් ප්‍රවාහන පහසුකම් ලබා දීම, සහ ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි.
මෙම සැකකරුවන් අතර මාධ්‍යවේදියෙකු සිටින බව ද සඳහන්.
කෑගල්ල ප්‍රදේශයේ අවමංගල්‍යයකට සහභාගී වී ඉකුත් 21 වනදා රාත්‍රියේ නිවසක් බලා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුව තිබූ අතර මෙම ඝාතන සිද්ධිය දැනට ඩුබායි රටේ සැඟව සිටින මන්නා රමේෂ් නැමැත්තා මෙහෙයවා ඇති බවට ලද තොරතුරකට අනුව ඔහුගේ දුරකතන ඇමතුම් විශ්ලේෂණය කිරීමෙන් හෙළි වු තොරතුරු වලට අනුව විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ විශේෂ බුද්ධි කණඩායමක් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.














































