ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක සංවිධානය කර තිබූ සංගීත සංදර්ශනයක් අතරතුර හටගත් තෙරපීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
එහිදී තවත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සඳහන් .
වාර්තා වන ආකාරයට එළිමහන් ශ්‍රවණාගාරයක සංවිධානය කර තිබූ එම සංගීත සංදර්ශනය ආරම්භවීමට පෙර තෙරපීම හට ගෙන ඇති අතර සංවිධායකයින් විසින් ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කර නරඹන්නන් ශ්‍රවණාගාරය වෙත ඇතුළු කරගනිමින් සිටියදී හදිසියේ ඇතිවූ වර්ෂාවත් සමග විශාල පිරිසක් එක්වර ශ්‍රවණාගාරයට ඇතුළුවීමට උත්සාහ කිරීම හේතුවෙන් තෙරපීම හටගෙන තිබේ .















































