කුරුඳුවත්ත තුරග තරග පිටිය අසල දී තරුණයකු පැහැරගෙන මෝටර් රථයකින් රැගෙන ගොස් පහර දී රන් මාලයක් ද කොල්ල කා කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල දමා ගිය රාජගිරිය පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
පැහැර ගැනීමට යොදාගත් මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇති අතර පහර කෑමට ලක්වූ තරුණයා රෝහල් ගතවී ඇති බව සඳහන් .
පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ පහර කෑ තරුණයා නුගේගොඩ ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති උපන්දින සාදයකට සහභාගි වී මිතුරන් පිරිසක් සමඟ කුරුඳුවත්ත තුරඟ තරඟ පිටිය අසලට පැමිණ සිටියදී මෝටර් රථයකින් පැමිණි තිබු සැකකරුවන් තරුණයා පැහැරගෙන ගොස් තිබූ බවයි .
පහර දුන් පිරිස අතර සිටින තරුණයෙකුගේ පෙම්වතියගේ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් උරණ වී පහර කෑ තරුණයාට දුරකථන ඇමතුමක් දී හමුවීමට අවශ්‍ය බව දන්වා පැමිණ මෙම පැහැර ගැනීම සිදුකර තිබේ .
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර කුරුඳුවත්ත පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වනු ලබයි .














































