මාලි රාජ්‍යයේ ගංඟාවක යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක ගමන් කරමින් සිටි පිරිසකට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයකින් සිවිල් වැසියන් 49 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එරට අන්තර්වාර රජය ප්‍රකාශ කර ඇත්තේ ඉස්ලාමීය සටන්කාමීන් විසින් ප්‍රහාරය එල්ලකර ඇති බවයි.
එමෙන්ම හමුදා කඳවුරකට එල්ලවු ප්‍රහාරයකින් හමුදා නිළධාරීන් 15 දෙනෙකු මියගොස් තිබෙන අතර එම ප්‍රහාරය අතරතුර සටන්කාමීන් ද 50 දෙනෙකු පමණ මියගොස් ඇති බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මාලි රාජ්‍යයේ දින 03ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි.















































