කැලිෆෝනියාවේ ඔරේන්ජ් ප්‍රාන්තයේ සිදූවූ වෙඩි තැබීමකින් තුවක්කුකරු ඇතුළු 5 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ යතුරුපැදි කණ්ඩායමට අයත් තැබෑරුමක මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ඉන් තුවාල ලැබූ තවත් 6 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.
විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන්.