මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 05 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙන බව වාර්තා වේ .
ඊශ්‍රායල් – පලස්තීන යුද ගැටුම්වලදී ඇමෙරිකාව ඊශ්‍රායලයට සහාය පළකිරිම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් “ජන අරගල ව්‍යාපාරය” විසින් අදාළ විරෝධතාව සංවිධානය කර තිබූ අතර තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ පිරිස් විසින් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් පුළුස්සා දැමීමට උත්සාහ කර තිබේ . එහිදී ඇති වූ කලහකාරී තත්ත්වයත් සමග විරෝධතාකරුවන් 05 දෙනෙකු කොල්ලුපිටිය පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ .
අත්අඩංගුවට ගත් පිරිස කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ මේ වන විට රඳවා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරන ලදී .














































