ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ප්‍රාණඇපකරුවන් 50 දෙනෙකු මියගොස් ඇති බවට හමාස් සටන්කාමීන් පවසා ඇති බව වාර්තා වේ.
හමාස් සංවිධානයේ “Al-Qassam” බ්‍රිගේඩය ඒ බව වාර්තා කර තිබේ.
නමුත් අමෙරිකානු බලධාරීන් පවසන්නේ අනෙක් පාර්ශ්ව නොමඟ යැවීම සඳහා හමාස් සංවිධානය මෙවැනි පුවත් ප්‍රචාරය කරන බවයි.
ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කරුවන් සිදුකළ ආක්‍රමණය අතරතුරදී ඊශ්‍රායලයේ සිටි 220කට අධික පිරිසක් පැහැර ගැනීමට හමාස් සටන්කරුවන් කටයුතු කර තිබේ.
ඒ අතර දරුවන්, වැඩිහිටියන් සහ තරුණ පුද්ගලයින් වෙයි.
එම පිරිස ගාසා තීරයේ ඇති උමං තුළ රඳවා ඇති බව සඳහන්.
ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටි මවක්, දියණියක් සහ වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙක් නිදහස් කිරීමට හමාස් සංවිධානය පසුගිය දිනවල කටයුතු කර තිබේ.















































