විශේෂ කාර්‍ය බලකායේ ජයවර්ධනපුර කඳවුරේ විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායමේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු පැහරගෙන යමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙලෙස පැහැරගෙන ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක සේවය කරන දෙදෙනෙකි. මෙලෙස පැහැර ගැනීම සිඳු කළ සැකකරුවන් අතරින් එක් සැකකරුවෙකුගේ පෙම්වතිය විසින් එම මූල්‍ය ආයතනයේ ආයෝජනය කරන ලද මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම යුවළ ඔවුන්ට තර්ජනය කර ඇති බවට දෙමටගොඩ පොලිසියට පැමිණිලි කර පිටව යාමේ දී මෙම පැහැර ගැනීම සිඳු කර ඇති බව සඳහන්.
මෙලෙස පැහැරගෙන ඇත්තේ මාකොළ දකුණ , මාකොළ පදිංචි පිරිමි පුද්ගලයෙකු සහ තවත් කාන්තාවකි.
පැහැර ගැනීම සිඳු කළ සැකකරුවන් හය දෙනා කොළඹ 09 , 10 ප්‍රදේශවල පදිංචි අවුරුදු 22ත් 28ත් අතර පසුවන පුද්ගලය්න් වන අතර පැහැර ගැනීම සඳහා යොදා ගත් ත්‍රී රෝද රථයක් සහ යතුරු පැදියක් ද පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් සිය භාරයට ගෙන ඇති බව සඳහන්.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු දෙමටගොඩ පොලිස් ස්ථානය මඟින් සිඳු කරනු ලැබේ.














































