දිස්ත්‍රික් කිහිපයකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ගොවීන් 63,156 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
වී වගා කරන ගොවීන් 62,754 දෙනෙකුට සහ වෙනත් බෝග වගාකරුවන් 402 දෙනෙකුට මේ යටතේ පීඩා සිදුව ඇති බවට එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එමෙන්ම වියළි කාලගුණයෙන් අක්කර 61,803කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව සදහන්.
වැඩිම වගා හානි ප්‍රමාණයක් වාර්තා වන්නේ කුරුණෑගල සහ උඩවලව ප්‍රදේශ වලිනි.