ඊයේ (11) දින සවස උහන පොලිස් වසමේ වෑරන්කැටගොඩ ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කටයුතු කරන බවට උහන පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකින් සැකකරුවන් 7 දෙනෙකු කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෑරන්කැටගොඩ සහ ඕපනායක ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18 ත් 34 ත් අතර පසුවන්නන් වන අතර ඔවුන් අද (12) අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු උහන පොලිසිය විසින් සිදු කරනු ලබයි.














































