අපේ සමාජයේ වැඩි මහළු දෙමාපියන් බොහෝ විට සඳහන් කරන වචන කිහිපයක් වන්නේ “අබුද්දස්ස කාලේ වන දේවල්” යන්නයි.තරුණ තරුණියන්ගේ හැසිරීම සම්බන්ධයෙන් නිතර වැඩිහිටියන් පවසන මේ කරුණ ඒ වැඩිහිටියන් වෙනුවෙන් ද පාවිච්චි කරන්න සිදු වුණු අවස්ථාවක් ගැන අප මෙසේ සඳහන් කරමු.
මේ පුවත විදෙස් රටක සිදු වූවක් සම්බන්ධයෙන් නොව.මේ අපේ රටේ ඉන්න නොහික්මුණ ,ඇතැම් පුද්ගලයෙක් විසින් පුංචි මල් කැකුලකට සිදු කරන ලද පාපතර ක්‍රියාවක් සම්බන්ධයෙනි.මේ සම්බන්ධයෙන් United Human Rights Organization පැමිණිල්ලක් සිදු කර ඇති අතර ඔවුන් සිය මුහුණු පොතෙහි මේ පිළිබඳව මෙසේ සඳහන් කර තිබුණි.
“මව පියා නිවසේ නැති විට මවගේ පියා (සීයා) මෙම කුඩා ගැහැණු ළමයාව අපයෝජනය කර ඇති බව කියැවේ. මේ සීයා මෙම නිවසේම පදිංචි වී සිටින අතර ඔහුගේ බිරිද තිස්සමහාරාම නගරයේම නිවසක ජීවත් වන බවද කියැවේ. එසේම මෙම ළමයාගෙ නිවසේ තවත් කුඩා ළමයින් 2ක්ද වෙති. මේ පිළිබදව අප විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කර ඇත. CC/22/08/624 අංකය වේ. (2022/08/24 )
දෙමව්පියන් යම් සැක සහිත සිදුවීමක් පිළිබදව දැන්වූ බැවින් නිවසට පැමිණි පවුල් සෞඛ්‍යය නිලධාරිනියගේ අවවාද මත මෙම ළමයාව හම්බන්තොට රෝහලට 2022/08/16 ඇතුලත් කර ඇති අතර 2022/08/22 රෝහලෙන් පිට වී ඇත. මේ වන විට මේ තැනැත්තාව අත් අඩංගුවට ගෙන ඇත. ඔහු ඔසුවින්න , රංමිණිතැන්න , තිස්සමහාරාමයේ වයස අවුරුදු 70වූ ආරකට්ටු පටබැදිගේ ආරියපාල නමැත්තෙකි.
සීයා කිහිපවරක් තමුන්ට යම් බලපෑම් කර ඇති බවත් , එවැනි අවස්ථාවලදී සීයා ඇයට රු.20/= රු 50/= මුදල් ලබා දෙන බවත් ළමයා කියනා අතර මෙම ළමයා බුද්ධි මට්ටමෙන් අඩු ළමයෙක් වැනි යැයිද කියැවේ.”
United Humam Rights Organization
0705050606
රාවණා සටහන.
හැමතැනදිම චාරිත්‍ර වාරිත්‍ර ,සදාචාරය ඉස්සර කරගන්නා අපේ රටේම මෙවැනි විනාශයන් සිදුවනවා දැකීම කෙතරම් ඛේදනීය තත්ත්වයක් ද? මෙවන් සිදුවීම සමාජය තුළ තව කොතෙකුත් සැඟව ඇතුවා ද යන්න අප නොදනී.නමුත් ඔබ ගැහැණු දරුවන් සිටින දෙමාපියෙක් නම් මෙය සිහියේ තබාගත යුතු කරුණකි.කිසිවිටෙක කෙතරම් විශ්වසනීය පුද්ගලයෙක් සමග වුවත් තම දියණිය තනි නොකිරීමට වගබලා ගත යුතුව ඇත.අද වන විට ශ්‍රී ලංකා සමාජය නවීන තාක්ෂණය සමග අතිශ්‍යින් දූෂිතව ඇති වන නොරහසකි.තම දරුවා පිළිබඳ දැඩි අවධානයෙන් සිටීම මෙනිසා ඉතා වැදගත් වේ.












































