ලොව පුරා මිලියන 735 ක පමණ ජනගහනයක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වන බවත් , එම ප්‍රමාණය කොවිඩ් වසංගත තත්ත්වයේ ව්‍යාප්තියට පෙර පැවති කුසගින්නෙන් පෙළෙන්නන්ගේ අගයට වඩා ඉතා ඉහළ අගයක් ගන්නා බවත් වාර්තා වේ.
එමෙන්ම 2030 වර්ෂය වනවිට කුසගින්නෙන් පෙළෙන්නන්ගෙන් තොර ලොවක් බිහි කිරීමේ අරමුණ සාර්ථක කර ගැනීමට මෙය බලවත් තර්ජනයක් බව ඔවුන් වැඩි දුරටත් සඳහන් කර තිබේ.














































