කොම්පඤ්ඤ වීදිය යුනියන් පෙදෙස ඉදිකරමින් පවතින නිවාස සංකීර්ණයක 8 වැනි මහලින් වැටී චීන ජාතික සහකාර ඉන්ජිනේරුවරයෙකු ඊයේ (04) සවස 5.00 ට පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඔහු මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරමින් සිටිය දී මෙලෙස 8 වැනි මහලෙන් වැටී ඇති බව සඳහන්.
අදාළ චීන ජාතිකයා සිද්ධියෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.














































