තායිලන්තයේ නැගෙනහිර ප්‍රදේශයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ කැබ් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
එමෙන්න තුවාල ලැබූ අයගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් .
කැබ් රථය දුම්රිය හරස් මාර්ගයට ළඟා වන විට දුම්රිය රියදුරු අනතුරු ඇඟවීමේ නළාව නාද කර ඇති නමුත් කැබ් රථයට එය නතර කර ගැනීමට නොහැකි වී තිබේ.
අනතුරින් මියගිය පිරිස අතරේ පිරිමි පුද්ගලයන් 5 දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු වන බව සඳහන්.
වාහනය හරස් මාර්ගයෙන් ගමන් කළ හැකි යැයි ඔවුන් සිතූ නමුත් පසුව මීටර් කිහිපයක් දුරින් දුම්රිය දුටු බව අනතුරට මඳ වේලාවකට පෙර කැබ් රථයෙන් එළියට පැන දිවි ගලවා ගත් 20 හැවිරිදි තරුණයෙකු ප්‍රකාශ කර තිබේ .
 
	    	



























 
		    


















