දුම්රිය රියදුරු සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (23) සහ අද (24 ) දිනය තුළ දුම්රිය ගමන් වාර 80ක් අවලංගු කර තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ පමණක් ගමන් වාර 36ක් , කැළණිවැලි මාර්ගයේ ගමන් වාර 4 ක් , මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 16 ක් , පුත්තලම් මාර්ගයේ ගමන් වාර 8ක් , උතුරු මාර්ගයේ ගමන් වාර 1ක් ද අද (24) දිනයේ අවලංගු කළ අතර ඊයේ (23) දිනයේ ද ගමන් වාර 15 ක් අවලංගු කළ බව සඳහන් වේ.