English
සිංහල
02:52 සිකුරාදා, නොවැම්බර් 7, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    සංචාරකයන්ගෙන් ඩොලර් මිලියන 800ක ආදායමක්.

    Ravana Publisher by Ravana Publisher
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp
    • 2022ට සාපේක්ෂව මේ වසරේ සංචාරකයන්ගේ පැමිණීම 205% ක වර්ධනයක්.
    • සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට World Travel Awards අවසන් තරගය ලංකාවේ පැවැත්වීමට අවධානය.
    • සංචාරක ව්‍යාපාරය නංවාලීමට රාත්‍රිය ඉලක්ක කරගත් ආර්ථික ක්‍රමවේදයක් (Night Economy) – සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ.

    මේ වසරේ පළමු මාස හත තුළ සංචාරකයන් 763,000ක් මෙරටට පැමිණ ඇති බවත් එමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 800ක පමණ ආදායමක් ලබාගැනීමට හැකිවූ බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

    රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා සංචාරක ක්ෂේත්‍රය ද උපරිම වශයෙන් දායකකර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බවත් තවදුරටත් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යංශය ලෙස නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවත් ඒ මහත්මිය සඳහන් කළාය.

    සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙම අදහස් පළ කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    සංචාරක කර්මාන්තය නංවාලීමට සාම්ප්‍රදායික ක්‍රමවලින් මිදිය යුතු බව පෙන්වා දුන් ඩයනා ගමගේ මහත්මිය මළ නගරවලට (Dead Cities) සංචාරකයන් නොපැමිණෙන බවත් සංචාරකයින්ට සක්‍රීය නගර ඇති කිරීමේ අවශ්‍යතාවක් ඇති බවත් අවධාරණය කළාය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙසේද පැවසුවාය,

    පසුගිය වසරේ සංචාරක ව්‍යාපාරය ඉතාම කනගාටුදායක තත්ත්වයකට ඇද වැටිලා තිබුණා. රටේ පැවැති ආර්ථික අර්බුදය හා අරගලය නිසා සංචාරකයන් ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් බවට පත් කරගත්තේ නැහැ. විවිධ රටවල් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම තහනම් කර තිබුණා.

    නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආගමනය සමඟ රටේ තිබුණු පෝලිම් යුගය අවසන් වුණා. ආර්ථිකය ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතිනවා. ඒ සමඟම සංචාරක ක්ෂේත්‍රයටත් සුභ තත්ත්වයක් නිර්මාණය වුණා. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ උපදෙස් සහ මඟපෙන්වීම ද ඉවහල් වුණා.

    මේ වසරේ පළමු මාස 7 තුළ සංචාරකයන් හත් ලක්ෂ හැට තුන් දහසක් (763,000ක් ) ලංකාවට පැමිණ තිබෙනවා. එයින් ඇමරිකානු ඩොලර් මිලියන 800කට වඩා ආදායම් උපයා ගැනීමටත් ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. පසුගිය වසරට වඩා මේ වසරේ සංචාරකයන්ගේ පැමිණීම 205%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

    මෙමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් සංචාරක ක්ෂේත්‍රය විසින් සපයා තිබෙන බව සඳහන් කළ යුතුයි. විදේශ සංචිත ප්‍රමාණය ඉහළ යාමත් මෙමඟින් සිදු වී තිබෙනවා.

    ඒ වගේම සංචාරක රාජ්‍ය අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. පසුගියදා අවසන් වුණු ලෝක සංචාරක රූ රැජන තරගාවලියේ අවසන් තරග වටය පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ . එහිදී රටවල් 30ක තරගකාරිනියන් ශ්‍රී ලංකාවට පැමිණියා . ඔවුන් ශ්‍රී ලංකාවේ සංචාරය කළා. ඔවුන් ඒ හරහා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට දායක වුණා. මේ වසර අවසානය වන විට World Travel Awards තරගාවලියේ අවසාන තරගය ලංකාව තුළ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳ ජනාධිපතිවරයාත් දැනුවත් කර තිබෙනවා. ඒ සඳහා රටවල් 117ක් සහභාගීවීමට නියමිතයි.

    ඒ වගේම පසුගිය කාලයේ එංගලන්තය, රුසියාව, ජර්මනිය සහ ප්‍රංශය රටවලින් ශ්‍රී ලංකාවට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ තිබෙනවා. එම පැමිණීම දිගටම පවත්වා ගැනීමට අප කටයුතු කළ යුතුයි.

    සංචාරක ව්‍යාපාරය ගැන කතා කරද්දී අමාත්‍යංශයකින් සිදු කරන්න පුළුවන් 10% ක ප්‍රමාණයක් විතරයි. අනෙක් සියල්ල පෞද්ගලික ආයතන සහ පුද්ගලයන්ගේ මැදිහත්වීම් හරහා සිදුකළ යුතුයි.

    ඒ වගේම ඇතැම්විට එක් පුද්ගලයෙක් කරන දෙයක් නිසා සංචාරක ව්‍යාපාරයට විශාල හානියක් සිදු විය හැකියි. ඒ නිසා සංචාරක ව්‍යාපාරය නියාමනය කිරීමේ වැදගත්කම තිබෙනවා. සංචාරකයෙක් අපහසුතාවයට පත් වුනොත් එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල ලෙස බලපාන්න පුළුවන්. ඒ වගේම සංචාරකයන්ට ලබා දෙන Homestay වැනි පහසුකම්වල දී ඒවායේ ප්‍රමිතිය සලකා බැලීමටත් ක්‍රමවේදයක් සකස් කරලා තිබෙනවා. අපේ ඉලක්කය මෙම වසර අවසානය වන විට 2018 වසරේ සංචාරක ආදායම යළි මේ වසරේදී ලබාගෙන සාර්ථකත්වයට පත්වීමයි.

    කංසා වගාව සම්බන්ධයෙන් ද අදහස් කිහිපයක් දැක්විය යුතුයි . කංසා ගැන කතා කිරීමේදී එය මත් ද්‍රව්‍යයක් ලෙස භාවිතා කිරීමක් ගැන මා සඳහන් කර නැහැ. කංසා කියන්නේ ඖෂධයක්. එයින් ඖෂධ විසිදෙකක් නිෂ්පාදනය කළ හැකි බව මේ වන විට සොයාගෙන තිබෙනවා. එවැන්නක් නියම ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කර අපනයන කිරීමෙන් ලංකාවට විශාල ආර්ථික ලාභයක් අත්පත් කරගන්න හැකියාව තිබෙනවා. ලෝකයේ මේ වන විට කංසා වගාවට මුල් තැනක් ලබා දෙමින් තිබෙනවා.

    කංසාවලින් ඖෂධ නිෂ්පාදනයටත් විශාල ආයෝජන අවස්ථා තිබෙනවා. කංසා අක්කර දහයක වගාවකින් ඩොලර් මිලියන 200 ක් ආදායමක් ලැබිය හැකි බවට තක්සේරු කළ ව්‍යාපෘති තිබෙනවා. නමුත් අපේ රටේ හැමදේම සලකන්නේ වැරදි විදිහටයි. මුහුණු පොත භාවිතා කරන්නේ කාටහරි අපහාස කරන්න. කංසා ගැන කතා කළොත් මත්ද්‍රව්‍ය ගැන පමණයි අදහස තිබෙන්නේ. නමුත් කංසා වගාව කියන්නේ ” ඩොලර් බිලියන ගණන් ආදායම් ලැබිය හැකි කර්මාන්තයක්.

    අනෙක් කරුණ වන්නේ සංචාරක ව්‍යාපාරය නංවාලීමට නම් රාත්‍රී ආර්ථික ක්‍රමවේදයකට (Night Economy ) යා යුතුයි. සංචාරකයෙක්ගේ ගමනාන්ත වන්නේ නිදහසේ සංචාරකයින්ට ජීවිතය විඳ ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමේ ස්ථානයයි. එම නිසා සංචාරක ගමනාන්තයක් වන ස්ථාන රාත්‍රිය 10.00ට වහනවා නම් සංචාරකයින් පැමිණෙන්නේ නැහැ. මළ නගරවලට (Death Cities) සංචාරකයෝ කොහොමත් පැමිණෙන්නේ නෑ. එම නිසා අපේ වෙරළ විඳින්න, සංචාරකයන්ට රාත්‍රිය පුරාම වෙරළේ ගත කිරීමට අවස්ථාව සලසා දිය යුතුයි. ඒ සඳහා නීති සකස් කළ යුතුයි. ඉදිරියේදී සෘජු ගුවන් ගමන් සේවා ඇති කිරීමෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය ඇති කිරීමටත් රාජ්‍ය අමාත්‍යාංශය ලෙස බලාපොරොත්තු වෙනවා. ‍

    ඒ සඳහා චීනයේ ගුවන් සමාගම් සමග මේ වන විටත් සාකච්ඡා කර තිබෙනවා. ලබන මාසයේ දී ඉතාලි ගුවන් සේවාව සමඟ සාකච්ඡා කිරීමට ද බලාපොරොත්තු වෙනවා.

    මේ සියලුම ප්‍රවර්ධන වැඩසටහන් වලින් සංචාරක ව්‍යාපාරය ගොඩනඟමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

    (ජනාධිපති මාධ්‍ය ඒකකය )

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version