English
සිංහල
11:14 සෙනසුරාදා, සැප්තැම්බර් 20, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මාලිගාවේ තවත් ගසාකෑමක් හෙළිවේ.

    Ravana by Ravana
    වසර 4ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    දළදා මාලිගාවේ සම්පත් සෑම අංශයකින්ම ගසා කන අතරේ දළදා වහන්සේට දානය පුජාකිරිමට පැමිණෙන බැතිමතුන්ට නවාතැන් ගැනීමට තිබු විශ්‍රාම ශාලාවද දැන් මාලිගාවට අහිමිකර තිබෙන බව වාර්තා වේ.

    අදාල විශ්‍රාම ශාලාව

     මෙම විශ්‍රාම ශාලාව ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සියළු පහසුකම් සහිතව ඉදිකළේ දළදා වහන්සේට දානය පුජා කිරිමට පැමිණෙන බැතිමතුන්ට අපහසුවකින් තොරව නවාතැන් ගැනිමටය. දළදා පුජාවට බැතිමතුන් පැමිණෙන්නේ කලින් දිනයේය. ඒ අනුව පැමිණෙන බැතිමතුන් ඉතා සහන මිලක් යටතේ මේ විශ්‍රාම ශාලාවේ නතරවිම සාමාන්‍ය පිළිවෙළයි.

    නමුත් දැන් මේ විශ්‍රාම ශාලාව තනිකරම නිලමේගේ හිතවතුන් ආවිට නතරවිමට සකස්කළ හෝටලයක් බවට පත්වි ඇත. නමුත් ඔවුන් ලියකියවිලි සකසා තිබෙන්නේ ඔවුන්ගේ වාසියට වන අතර එම ලිපිවල කෙසේ සදහන් වුවද ප්‍රයෝගිකව සිදු වන්නේ වෙනත් අයුරිනි.

    දානය බාරගත් බැතිමතුන්ට දැන් එහි ඉඩක් නැති අතර අයකිරිම්ද අස්ප ගණන්ය. එහි කාමරවලට අමතරව  වන්දනා නඩ නිදාගැනිමට ඇති හෝල් එක දැන් ලොබියකි. එහි සෝපා දමා නිලමේගේ යාළුවන්ට සප්පායම් විමට හැකි ආකාරයට සකස් කර තිබෙන බවද සදහන් වේ.

    පෙර වන්දනා නඩ සදහා තිබු ශාලාව දැන් ලොබියක් වී ඇති අයුරු

    වියහියදම් දරමින් ඉතාම ශ්‍රද්ධාවෙන් පැමිණෙන බැතිමතුන්ට දැන් සිදුවි ඇත්තේ එහි නිලධාරින් සමග රණ්ඩුවිමටය. එසේ රණ්ඩු වීමට අවශ්‍ය වටපිටාව සැකසීමෙන් සිදුවන ආගමික ලබ්දියේ විනාශය බුදු දහම පසෙක දමා දේව මෑණියන් වන්දනා කරමින් පව් සෝදා යාවි යයි විශ්වාස කරන නිළමේවරුන්ටවත් නොපෙනීම පුදුමයකි. තව දුරටත්    විමසා බැලුවිට එහි සිටි පැරණි සේවක මණ්ඩලයද ඉවත්කර ඇතිබව දැනගන්නට ලැබේ. දැන් බොහෝ බැතිමතුන්ට හෝටල් වල නැවතීමට සිදුව තිබේ.

    එහි කාර්යාලය

    ප්‍රේමදාස මහතා වන්දනා නඩ සදහා නවාතැන් ගැනිමට සකස්කළ මේ විශ්‍රාම ශාලාව දැන් පාලනය කරන්නේ ටුවරිස් බෝඩ් එකෙන් බවද තැන තැන කතා වෙති. නමුත් එහි සත්‍ය හෝ අසත්‍ය  කෙසේ වෙතත් ටයි කෝට් දැමු පුද්ගලයන්  දැන් එහි සේවකයන් වන බවද වාර්තා වේ. කෙසේ වුවත් මේ ගොඩනැගිල්ල ගොඩනැගුවේ ඇයිද යන්න තේරුම් ගෙන ඒ අනුව බැතිමතුන්ට ලබා දීමට කටයුතු නොකිරීමෙන් පෙනී යන්නේ මෙහි සිදුවන්නේ ගසා කෑමක් බවයි. එසේම සාමාන්‍ය වන්දනාකරුවන් ඔවුන්ගේ පයට පෑගෙන දුහුවිල්ලක් මෙනි.

    මහ විහාර දෙකේ මහනාහිමිවරුද  මේ ගසාකෑම් දෙස බලා නිහඬව සිටින්නේ මන්දැයි  එම විහාරවල හිමිවරුන්ටද ප්‍රශ්නයක්වි ඇති බවද වාර්තා වේ. මහා විහාර දෙකේ අති ගරු නායක හිමියන් වහන්සේලා එක්ව මහා සංඝ සභාව රැස් කර මේ සියලු සිදුවීම් පිලිබඳව තීරණයක් ගෙන බුදු දහමට සිදුවන හානිය නැවැත්වීමට කටයුතු කරන මෙන් ඉල්ලීමට මහා සංඝරත්නයද කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

    රාවණා සටහන

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකරුවන් සිදු කරනු ලැබූ සහ මේ වන විටත් සිදුකරනු ලබන වංචා සහ දූෂණද විවිධ අකටයුතුකම්ද වලට එරෙහිව මහනුවර දිස්ත්‍රික් ජනතාව සහ ශ්‍රී ලංකාවේ සංවිධාන කිහිපයක්ම මේ වන විටත් කටයුතු කරමින් සිටි. මන්ත්‍රීවරු කිහිපදෙනෙකුම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධව කතා කර තේරීම් කාරක සභාවක් පත් කිරීම සදහා ද කටයුතු කරමිනි සිටිති. එසේම දළදා මාලිගාවේ පෙරහැර සම්බන්ධව ලියු ප්‍රශ්නයක් මුල්කරගෙන මෙම වෙබ් අඩවියට විරුද්ධවද එහි මාධ්‍ය අධ්‍යක්ෂක උසස් පොලිස් නිලදරීන්ගේද සහය ඇතිව අපට විරුද්දව පොලිසි ගොස් පැමිණිලි කලේද, නීතිය නොදන්නා නිසාය. එසේම මෙම වෙබ් අඩවියේ තොරතුරු පිලිබඳව රජයේ පුවත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් සොයා තිබෙනු අතර පොලිස් පරීක්ෂණ ඇරඹීමටත් පෙර අපගේ තොරතුරු පොලිසියට ලබා දී තිබෙන්නේ මෙහි නීතිවිරෝදී මාධ්‍ය අධ්‍යක්ෂකය. පොලිසිය අධිකරණ නියෝගයක් ලබා ගැනීමටත් පෙර මොරටුව විශ්වවිද්‍යාලයෙන් නීතිවිරෝදී ලෙස දළදා මාලිගාවේ නම භාවිතා කරමින් අපගේ තොරතුරු ලබා ගෙන තිබුනේ මේ මාධ්‍ය අධ්‍යක්ෂක විසිනි.

    අවුරුදු ගණනාවකම සිටම මේ උතුම් ස්ථානයට ගිහි පාලකයන් විසින් සිදු කරනු ලබන විනාශය සුළු පටු නොවේ. ඇන්ටන් තෙන්නකෝන් බස්නායක නිළමේගේ හිටපු රියදුරුද දැන් නිලමේ කෙනෙකි. එදා දුගියෙකු වූ ඔහු අද ප්‍රකෝටිපතියෙකු වන්නේ නිළමේ වීමෙන් අනතුරුවය. එදා රියදුරු වූ ඔහු පමණක් නොව, බොහෝ බස්නායක නිලමේවරුන් සෙරෙප්පු දෙකෙන් පැමිණ මාස  කිහිපයකින් ප්‍රාඩෝ ඉන්ටර්කූලර් පදිති.

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ වන ප්‍රදීප් නිලංඟටද වංචා දූෂණ රාශියක් මෙන්ම බුදු දහම විනාශ කිරීමට කටයුතු කිරීම පිලිබඳව චෝදනා රැසක් එල්ල වේ. ඒ පිලිබඳව රාවණා ලංකා ජාතික සංවිධානය ලෝකයටම එලි දරව් කරමින් අති ගරු ජනාධිපතිතුමා ඇතුළු වගකිව යුත්තන් වෙත් පැමිණිල්ලක්ද කර තිබුණි. මේ වන විට එම පැමිණිල්ලේ විමර්ෂණ කටයතු පොලිස්පතිවරයාගේ නියමයෙන් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ යටතේ  ආරම්භ වී ඇත. නමුත් යම් යම් පුවත් වාර්තා හේතුවෙන් ශ්‍රී රාවණා ලංක ජාතික සංවිධානය එම පරීක්ෂණයට විරෝධතා ඉදිරිපත් කරමින් විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කරන ලෙස ඉල්ලා තිබේ. එපමණක්ද නොවේ, ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරීමට කටයුතු කරන  ලෙසද ඊට අවශ්‍ය සාක්ෂිද පොලිසියට ලබා දීමට ඔවුන් කටයුතු කර තිබේ.  එසේම මහනුවර ජනතාව සමග එක්ව දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට ද කටයුතු කරමින් තිබෙන බව ද වාර්තා වේ.

    මේ සියලු කාරණා මෙසේ සිදු වීමේදී සාසනයට ලැදි ගෞරවනීය ස්වාමීන් වහන්සේලාද මේ පිලිබදව දැඩි කනස්සලෙන් වැඩ සිටිති. ඒ අන් කිසිවක් නිසා නොව ගෞරවනීය මහනායක හිමියන් වහන්සේලා මේ පිලිබඳව කටයුතු නොකරන්නේ ඇයිද යන්න ගැටළු සහගත නිසාය . මීට පෙර දියවඩන නිලමේවරයා බේරා ගැනීම සදහා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ගරු අධිකරණ වෙත ලිපි පවා ඉදිරිපත් කල අතර මූල්‍ය වංචා විමර්ශන ඒකකය වෙත ගෙන්වීම නිසා මාධ්‍ය ආයතන එය එළිදරව් කලාට එරෙහිව,    ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනවලට පවා විරෝධතා ඉදිරිපත් කිරීමට මහනායක හිමිවරුන් කටයුතු කරන ලදී. නමුත් එයින් සිදු වුයේ දිගින් දිගටම බොදු උරුමය විනාශ වීම පමණි.  මහනායක හිමියන් වහන්සේලා මේවා වෙනුවෙන් මැදිහත් වීමෙන් සිදු වන්නේ තව දුරටත් බොදු දහමට හානි සිදු වීම පමණි. නමුත් උන් වහන්සේලා මේ දියවඩන නිළමේට විරුද්ධව අවශ්‍ය කටයුතු සිදුකර බුදු දහමත් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සුරක්ෂා කිරීමත් සිදු කල යුතුව තිබේ. එසේ නොමැති නම් කවුරුන් හෝ මහනායක හිමිවරුන් නොමග යවනවා විය යුතුය. කෙසේ වුවද තව දුරටත් නිහඩව සිටියහොත් බොදු ජනතාවම මහනායක හිමිවරුන්ට විරුද්ධව නැගී සිටිනු ඇත. බොදු ජනතාව විශාල වශයෙන් සමාජ මාධ්‍ය ජාලවල මහනායක හිමිවරු ඇතුළු සමහර  බොදු භික්ෂූන් වහන්සේලාට විරුද්ධව අදහස් දක්වා තිබේ. එය බොදු ජනතාවටද පව් පිරෙනා කටයුත්තකි. එබැවින් අප මෙසේ ලියන්නේද කැමැත්තකින් නොවේ. බුදු දහමට අනුව රටේ නීතියට කවුරුත් ගරු කරමින් ජීවත් විය යුතුය. එය ඉතාම මැනවින් බුදු රජාණනන් වහන්සේ දේශනා කර තිබේ.

    නීතිය බල්ලට දැමු දේශයේ මෙවන් විනාශකරුවන්ට ද පිළිතුරු ලැබෙන්නේද ඒ අයුරිනි. තමන් කරන පව් ගැන  තමන් දන්නා නිසා මොවූන් සිදු කරන්නේ දෙවියන් යැදීමය. දෙවියන් ද යදින්නේ බුදුන් දෙසු දර්මය බව නොදත් මේ පව් කාරයන් කටයතු කරන්නේ ජීවිතය සදාකලික යයි සිතාගෙනය. සියල්ල වැරදි බව සිතට දැනෙද්දී ඒ වේදනාව මග හරවාගැනීම සදහා යන්තර, මන්තර පසු පස්සේ ගොස් තාවකාලිකව හිත හදාගන්නා මොවුන්ගේ මරණයෙන් පසු යන්න ඉතිරිව තිබෙන්නේ අපාය පමණක් බවවත් නොතේරීම ඔවුන්ගේම කරුමය වේ. ඉදිරි කාලය මොවුන්ට යහපත් කාලයක් නොවනු ඇත. එසේම ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට ජනතා අප්‍රසාදය ඇති වන්නේ මෙවැනි පුද්ගලයන්ගේ කටයුතු නිසා බවද දැන ගත යුතුය.

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    විශේෂ පුවත්

    මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් .

    මාර්තු 10, 2024
    අධ්‍යාපන

    ගරිල්ලා මෙහෙයුමකින් විදුහල්පතිවරියක් පාසලක් අල්ලයි! JVP දිස්ත්‍රික් නායකයෙක් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාල අඩස්සියට අරගෙන. දිඨිඨ ධම්මවේදනීය කර්මය පල දුන් හැටි!

    මාර්තු 1, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    වතුකර ජනතාව හාන්සී. කඳුකරයේ මහජන නියෝජිතයො කොහෙද?

    පෙබරවාරි 29, 2024
    රාජ්‍ය පරිපාලන

    ප්‍රාදේශීය ලේකම්ගෙන් “රාවණාට අභියෝගයක්!”. මෙන්න පිළිතුරු!

    පෙබරවාරි 28, 2024
    ආරක්ෂක අංශ

    පොලිස්පති ලෙස දේශබන්දු පත්කිරීමෙන් මිනිසුන්ගේ බිය වැඩි වෙලා! පරණ කෙරුම් නැවත මතක් කරයි!

    පෙබරවාරි 27, 2024
    දේශපාලන කතා

    රට වැනසූ රාජපක්ෂලා සමග ගණුදෙනු නෑ! රට විනාශ කල සියල්ලෝම හොයා දඩුවම් දෙනවා!

    පෙබරවාරි 26, 2024
    දේශපාලන විද්‍යාව

    රවීගෙනුත් මහ බැංකුවට චෝදනාවක්. ඔටුවො වගේ ඉදලා හරියන්නෙ නෑ

    පෙබරවාරි 25, 2024
    දේශපාලන කතා

    රනිල් දුෂිතයෙක් නෙවෙයි! සජිත් කියයි!

    පෙබරවාරි 25, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    රටට හිතැති, මහනුවර ඔබ වෙනුවෙන්. අනිවාර්යයෙන්ම එන්න.

    පෙබරවාරි 25, 2024
    ආරක්ෂක අංශ

    පොලිසිය මාධ්‍යවේදයට නීතිවිරෝදීව අත තියයි!. මාධ්‍ය යනු මහජන ආරක්ෂාවේ මුදුන් මල්කඩයි!. අධිකරණය නොමග යැව්වාද?

    පෙබරවාරි 25, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version