ඉරාන සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවේ සිරගතව සිටි ඉරාන නාවිකයින් 09 දෙනකු නිදහස් කර ඇති අතර ඔවුන් නුදුරේදීම මෙරටින් පිටව යෑමට නියමිත බව වාර්තා වේ .
දින කිහිපයකට පෙර ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි අතර ටෙහෙරානයේ පැවැති සාකච්ඡාවලින් අනතුරුව මානුෂීය පසුබිම මත සහ නුදුරු අනාගතයේ දී දෙරටේ සිරකරුවන් නිදහස් කරන බව නිවේදනය කළ අතර
ඒ අනුව මෙම නාවිකයන් 9 දෙනා ශ්‍රී ලංකා බලධාරීන්ගේ නියෝගය පරිදි කොළඹ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති කාර්යාලය වෙත භාරදී තිබේ .
එමෙන්ම වැඩි දුරටත් වාර්තා වන්නේ ඉරාන තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණය ඇතිව අදාළ ඉරාන නාවිකයන් ඉක්මණින් තම මව්බිමට සහ පවුල් වෙත ආපසු යන බවයි.
.