වසර 84 කින් පසුව කැලිෆෝනියාවට පැයට කිලෝමීටර් 119 ක වේගයෙන් කඩා වැදුණු පළමු නිවර්තන සුළි කුණාටුව වන හිලරි සුළි කුණාටුව හේතුවෙන් මිලියන 9 ක ජනතාවක් ජල ගැලීම් අවදානමකට ලක්ව ඇති අතර ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මේ වනවිට සුළි කුණාටුවේ කේන්ද්‍රය දකුණු කැලිෆෝනියාවට ඉහළින් පවතින බවත් , පැයට කිලෝ මීටර් 85 ක වේගයෙන් සුළං හමා යන බවත් ය.