බළංගොඩ ආනන්ද මෛත්‍රීය ජාතික පාසලේ 94 කණ්ඩායමේ සුහද හමුවට කාල වකවානු වෙන්ව ඇත.
ඒ අනුව අගෝස්තු මස 06 සහ 07 යන දෙදින හික්කඩුව “සීට්‍රස්” හෝටලයේ දී මෙම සුහද හමුව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එහි සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කරයි.
මෙම වසරේ සුහද හමුව, සාමාජිකයින් සහ සාමාජික පවුල් අතර සුහදත්වය වර්ධනය කර ගනු වස් පවත්වන අතර විදෙස්ගතව සිටිනා සාමාජික පවුල් කිහිපයක් ද මෙවර මීට සම්බන්ධ වීමට නියමිතව ඇත.
ආනන්ද මෛත්‍රිය ජාතික පාසලෙහි ශිල්ප හදාරා 94 වර්ෂයේ දී ඉන් නික්ම ගිය සියලු දෙනාට මේ සඳහා සහභාගී වීමට හැකි බව සංවිධායක මණ්ඩලය විසින් වැඩිදුරටත් දන්වා සිටියි.
ආනන්ද මෛත්‍රිය මව් තුරුලේ අධ්‍යාපනය හදාරා වසර ගණනාවක් වුවත් එහි තිබූ බැඳීම තවදුරටත් වර්ධනය කරමින් මිතුරන් යළිත් එක් වී සතුටු සාමීචියේ යෙදීමේ දිනය මෙසේ වෙන්කර ඇත්තේ එතෙර මෙතෙර සිටින සියලුම 94 කණ්ඩායමේ සාමාජිකයින් සඳහාය.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ,
- ජගත් මහතා – 077 3530578
- සුමුදු මහතා – 0777 455572
- අනුර මහතා – 077 3500594
- එරංග මහතා – 077 2927366 යන අය අමතන ලෙසද දන්වා සිටියි.