හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරමින් මගී ප්‍රවාහන බස් රථ ධාවනය කළ රියදුරන් 94 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
ඊයේ (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර කොට්ඨාසයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කළේ බස්නාහිර පළාත තුළ සිදුකළ නියමු ව්‍යාපෘතියකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවත් , මත්පැන් පානය කර රථවාහන ධාවනය කරන රියදුරන් හදුනාගැනීමේ උපකරණ 180,000 ක් ද ආනයනය කළ බවත් ය.














































