English
සිංහල
14:04 සඳුදා, නොවැම්බර් 10, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පාස්කු ප්‍රහාරයේ “සොනික් සොනික්” හෙළි වේ!

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    පාස්කු ඉරුදින එල්ල කළ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයේ පරීක්ෂණවලදී හෙළිවී මෙතෙක් අභිරහසක්ව තිබූ “සොනික් සොනික්” නැමැත්තා පිළිබඳව හෙළිදරව් කෙරෙන ඉඟි ඇතුලත් කරමින් වාර්ථාමය ලිපියක් බීබීසී සන්දේශය වෙබ් අඩවිය පළ කර තිබේ.

    මේ ප්‍රහාරය පිළිබඳව කිසිදු ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ පල නොකරන ලෙස මෙට පෙර පොලිස්පතිවරයා විසින් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් , යම් තොරතුරක් තිබේ නම් එය පොලිස් දෙපාර්තමේන්තුවට පැමිණ ලැබ දෙන ලෙසද ජනතාවට දැනුම් දී තිබියදී මෙසේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිරීමෙන් ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ඉඟියක් ලබා දෙමින් පවසන්නේ එම සිද්ධිය පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවට සොයා ගැනීමට නොහැකි වූ සාක්ෂි ඔවුන් සතුව තිබෙන බව විය හැකිය.

    ශනි අබේසේකර මහතා තමසේවය ඉටු කලේ රංජන් රාමනායක මහතාට අවැසි ලෙස බවට දැක්වෙන හඬ පටද සමග එකල සමාජය ඒවායින් පිරී ගිය අතර එසේ ඇසුණු දේවල් වල හැටියට ඔහුද දේශපාලනීකරණය වූ පොලිස් නිලධාරියෙකු බවට සමාජ ගත වීමත් සමග ඔහුට විරුද්ධව විවිද කටයුතු සිදු වූ බවද නොරහසකි. කෙසේ වුවත් පාස්කු සිද්ධියට යුක්තිය ඉටු නොවීමෙන් හෝ වැරදි කරුවන්ට දඩුවම් නොලැබීම භයානක තත්වයකි. එසේම එකල අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ කටයුතු සිදු වූ අකාරය පිළිබඳවද දැඩි විවේචන තිබේ. පවතින නීති රාමුව තුල වැඩ කිරීම සදහා සියලු පුරවැසියන් හුරු නොකිරීමේ ප්‍රතිපලය තව තවත් දරුණු වෙමින් රටේ අනාගතයට දැඩි බලපෑම් එල්ල විය හැකිය. කෙසේ වුවත් ශානි මහතා මෙන් දේශපාලනීකරණය වෙමින් වැඩ කරන සියලු පොලිස් නිලධාරීන්ට මෙය හොද පාඩමක් උගන්වන කරුණු කුමක් වුවත් ශානි කල දේවල් වල ප්‍රතිපලය ඔහුට ලැබුනද, පාස්කු ප්‍රහරාය් වැනි ම්ලේච්ඡ කටයුතුවලට පවා යුක්තිය ඉටු නොවන්නේ මෙසේ දේශපාලනීකරණය වූ නිලධාරීන් නිසා බවද සටහන් කල යුතුය. පාස්කු ප්‍රහාරය පිළිබදව වැදගත් සාක්ෂි ඔහු සතුව තිබේ නම් රංජන් සමග නැටීමෙන් කල හානිය පැත්තක දමා අදාළ කටයුතු කල යුතුය. එම කරුණු එසේ සිදු වුවාද යන්න මේ ලියුම් කරුට පැහැදිලි නැති වුවත් BBC පුවත් සේවය පහත වාර්තාව ගෙන එයි.

    එම වෙබ් අඩවිය තුල පහත පරිදි සදහන් වේ…. උපුටා ගැනීම…

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳව එම ‍වෙබ් අඩවිය ‘හමුදා බුද්ධි අංශය ප්‍රහාරයට කලින් සහරාන් කල්ලිය ගැන දැන සිටියා’ – ශානි අබේසේකර” යන සිරස්තලයෙන් එම ලිපිය පළකර ඇත. මෙතෙක් අභිරහසක්ව පැවති රාජ්‍ය බුද්ධි සේවයට සම්බන්ධ බව කියන සොනික් සොනික් නැමැත්තා පිළිබඳව හෙළිකෙරෙන ඉඟි ගණනාවක් එම ලිපිය තුළ පළකර තිබේ. එම ලිපිය සම්පූර්ණයෙන් පහත පළ පළකර ඇත.

    ‘හමුදා බුද්ධි අංශය ප්‍රහාරයට කලින් සහරාන් කල්ලිය ගැන දැන සිටියා’ – ශානි අබේසේකර

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් මෙතෙක් හෙළිදරව් නොවූ කාරණා රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ ශානි අබේසේකර අනාවරණය කළේ ය.

    ඒ, පෙබරවාරි 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමිනි.

    ඉන් ඔහු ඉල්ලා ඇත්තේ, පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් පිළිබඳව නිසි පරිදි පරීක්ෂණ නොකිරීම ඇතුළු චෝදනා යටතේ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවකට අදාලව තමන් අත්අඩංගුවට ගැනීම හෝ රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගැනීම වලක්වන අතුරු නියෝග නිකුත් කරන ලෙස යි.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9(1) වගන්තිය යටතේ තමන් අත්අඩංගුවට ගැනීම සඳහා, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රැඳවුම් නියෝග නිකුත් කිරීමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා ඇත.

    නිර්නාමික පෙත්සමක් මත කරන ලද බව කියන කූඨ විමර්ශන වාර්තාවකට අදාලව තමන්ට එරෙහිව ගොනුකර ඇති අදාල බී වාර්තාව බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් ඔහු ඉල්ලා තිබේ.

    යම් හෙයකින් තමන් අත්අඩංගුවට ගතහොත් වහාම මුදාහරින ලෙස නියෝගයක් නිකුත්කර, ඒ වෙනුවෙන් රුපියල් මිලියන සියයක වන්දි මුදල් ලබාදෙන ලෙස ද පෙත්සම්කාර ශානි අබේසේකර ඉල්ලා ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා, එහි කාන්තා පොලිස් පරීක්ෂක නිරෝශනී පතිරණ ඇතුළු 14 දෙනෙකු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.

    එම බී වාර්තාව මත තමන් කවරහෝ අවස්ථාවක අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින්, ඉන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වියහැකි බව ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත.

    කුමන්ත්‍රණයක්…

    ශානි අබේසේකර යළි අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් චෝදනාකර සිටියේ ය.

    “දැන් ශානි අබේසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක, නැවත අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවා. අපරාධකරුවෝ, මහ මොළකරු අත්අඩංගුවට ගන්න නොවෙයි, ශානි අබේසේකරව අත්අඩංගුවට ගන්න කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා.”

    අජිත් පී. පෙරේරා පවසා සිටින්නේ ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනුකළ පෙත්සමෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙතෙක් හෙළිදරව් නොවූ කාරණා හෙළිදරව් වන බව යි.

    “සොනික් සොනික් කියන්නේ කවුද? කවුද මේ වැදගත් තොරතුරු සහිත පුද්ගලයින් ගැන ඉදිරි පරීක්ෂණ නතර කළේ?” ඔහු ප්‍රශ්න කළේ ය.

    “තවමත් පුරවැසියන් නොදන්නා කොටසක් තියෙනවා. නිලධාරීන් තමන්ගේ රාජකාරී පරාසය තුළ ඒවා ආරක්ෂා කරනවා. නීතිපතිතුමා ඒවා ආරක්ෂා කරනවා. ජනාධිපතිතුමා ඒවා එලියට දෙන්නේ නැහැ. නමුත් පුරවැසියන්ට අයිතියක් තියෙනවා ඇත්ත දැනගන්න. ඒ නිසා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ටත්, පොදුවේ පුරවැසියන්ටත් යුක්තියක් ඉටුවෙන්න නම් සත්‍ය අඩංගු ලේඛන සියල්ල නොසඟවා ඉදිරිපත් කළ යුතු යි,” මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.

    “පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ වෙළුම් 22න් 1යි. හිටපු නීතිපති කිව්වා මෙතන කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. නීතිපති දෙපාර්තමේන්තුවට, රජයට, ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා මේ වෙළුම් 22 හෙළිදරව් කරන්න. ඇයි මේ වෙළුම් 21ක් සඟවන්නේ?”

    වවුනතිව් ඝාතන සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශයේ උත්සාහය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොමඟ යැවීම ද?

    වවුනතිව්හි දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම ගැන රහස් පොලිසියේ පරීක්‍ෂණ නොමඟ යැවීමට හමුදා බුද්ධි අංශය කටයුතු කළ බව ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ පෙත්සමේ දැක්වේ.

    පාස්කු ඉරු දින ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් අනතුරුව කළ විමර්ශනවලට අනුව, අජන්තන් සහ හිටපු කොටි සාමාජිකයා අදාල පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට සම්බන්ධ නොවන බව අනාවරණය වූ බව ද එහි දැක්වෙයි.

    යුද හමුදා බුද්ධි අංශය හා රාජ්‍ය බුද්ධි සේවය විසින් (DMI සහ SIS) අදාල සැකකරුවන් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනයට බොරුවට කොටුකර තිබූ බව ද පෙත්සමේ සඳහන් වේ.

    පෙත්සම්කරු වැඩිදුරටත් පවසන්නේ වවුනතිව් ඝාතන සිද්ධියෙන් දින තුනකට පසු සොයාගත් යතුරුපැදි ජැකට්ටුව යුද හමුදා බුද්ධි අංශය හා රාජ්‍ය බුද්ධි සේවයේ කුමන්ත්‍රණයක් බවට සැක කරන බව යි.

    ඝාතනයට සම්බන්ධ සැබෑ ප්‍රහාරකයන් සොයාගැනීමෙන් CIDය වැළැක්වීම සඳහා, පොලිස් නිලධාරීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් CID පරීක්ෂණ නොමඟ යැවීමට අදාල අංශ කටයුතුකර ඇති බවට ද පෙත්සම්කරු චෝදනාකර සිටියි.

    “මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම ගැන ජනපති මෛත්‍රීපාල දැනුවත්”

    පෙත්සම්කාර ශානි අබේසේකර ප්‍රකාශ කරන්නේ, මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් 2019.02.02 දින එවකට CID භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සමග තමා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී කරුණු පැහැදිලි කළ බව යි.

    මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට පහරදීම සහ වනාතවිල්ලුව, ලැක්ටෝවත්තේ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් ගබඩා කිරීම ඇතුළු දෑ එකම කණ්ඩායමක ක්‍රියා බැවින්, මෙම කාරණා බරපතල ලෙස සලකා බැලිය යුතු බව ජනාධිපති සිරිසේනට තමන් දැන්වූ බව ද පෙත්සමේ සඳහන් ය.

    CIDය ආරක්‍ෂක කවුන්සිලයේ සාමාජිකයෙකු නොවූ බැවින්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න එවකට ජනාධිපති සිරිසේනගෙන් ඉල්ලා අත්තේ මේ කාරණය ආරක්‍ෂක මණ්ඩලයේ අවධානයට යොමු කරන ලෙස යි.

    ඒ, ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර හෝ අන්තවාදී ක්‍රියාකාරකම් වැලැක්වීමට රහස් පොලිසියට බුද්ධි අංශවලින් සහ හමුදාවෙන් සහාය ලබා ගැනීමේ අරමුණෙනි.

    ඒ පිළිබඳ ආරක්ෂක කවුන්සිලයට කරුණු ඉදිරිපත් කිරීමට එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට අවස්ථාව ලබාදෙන බව එවක ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතත්, ඔහු එය ඉටු නොකළ බව ද පෙත්සමේ දැක්වෙයි.

    සහරාන් සොයා ක්‍රියාත්මක කළ මෙහෙයුම්

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සහරාන් සොයා මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

    • 2019.02.27 සිට 2019.03.02 දක්වා CID නිලධාරීන් කණ්ඩායම් සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා කුලියාපිටිය, කැකුණගොල්ල, පත්තම්පිටිය, හෙට්ටිපොළ, සහ පුත්තලම ඇතුළු ප්‍රදේශ සෝදිසිකර තිබේ

    • 2019.03.06 සහ 2019.03.07 යන දිනවල දී CID නිලධාරීන් කණ්ඩායමක් විසින් සහරාන් සොයා කල්කුඩා, පාසිකුඩාහි පොල් වත්තක් සෝදිසිකර ඇත

    • 2019.03.19 දින CID නිලධාරීන් කණ්ඩායමක් ග්‍රෑන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශය ද සෝදිසිකර ඇත

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද අඛණ්ඩ සෝදිසිකිරීම් හේතුවෙන්, සහරාන් නිතරම ඔහු වෙසෙන ස්ථානය වෙනස්කර ඇති බව ද ශානි අබේසේකර ගොනු කළ පෙත්සමේ සඳහන් වෙයි.

    ජමීල් ගැන යුද හමුදා බුද්ධි අංශය කලින් දැන සිටියා ද?

    සහරාන් හා ජාතික තව්හිද් ජමාත් (NTJ) පිළිබඳ පරීක්ෂණ පවත්වන CIDයට නොදන්වාම යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙහිවල ට්‍රොපිකල් ඉන් තානායමේ පිපිරීමට පෙර එම බෝම්බකරු වන ජමීල්ව සොයා වැල්ලම්පිටියේ ජමීල්ගේ මවගේ නිවසට ගොස් ඇති බව ශානි අබේසේකර අධිකරණයට පවසා ඇත.

    ට්‍රොපිකල් ඉන් තානායමේ පිපිරීමට පෙර ඔවුන් දෙමටගොඩ පිහිටි ජමීල්ගේ නිවස වෙත ද ගොස් ඇතැ යි පෙත්සමේ සඳහන් ය.

    සහරාන් සිටින ස්ථානය සොයාගැනීම සඳහා සහාය වන ලෙස CID විසින් නැවත නැවතත් ඉල්ලීම් කළ ද, අබ්දුල් ලතීෆ් ජමීල්ගේ අනන්‍යතාව, NTJහි ඔහුගේ භූමිකාව, සහ යන එන තැන් පිළිබඳ පූර්ව දැනුමකින් සිටි හමුදා බුද්ධි අංශය CIDය සමග එම තොරතුරු බෙදානොගත් බව ද පෙත්සමේ දැක්වේ.

    කවුද මේ ‘සොනික් සොනික්’?

    ශානි අබේසේකර පෙත්සමෙන් දක්වා ඇත්තේ, එක්සත් ජනපදයේ FBI ආයතනය ලබාදුන් තොරතුරු අනුව සහරාන් සමග නිතර නිතර සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු පිළිබඳව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු CID නිලධාරීන් දැනුවත් වූ බව යි.

    සහාරාන් සමග නිතර සන්නිවේදනය කළ පුද්ගලයෙකුට අයත් අන්තර්ජාල ප්‍රොටෝකෝලයක් (IP) ගැන එම තොරතුරු අනාවරණය වී ඇත්තේ, පරිගණක, ජංගම උපාංග, සහ උපකරණ විශ්ලේෂණය කිරීමෙනි.

    අනතුරුව, CIDය අදාල පුද්ගලයාගෙන් ප්‍රශ්නකර ඇතත්, ඔහු සහරාන් සමග හෝ NTJ සමග ඇති සම්බන්ධතාවය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.

    පෙත්සම්කරු වැඩිදුරටත් පවසන්නේ, ආරක්ෂක අමාත්‍යාංශය එවකට යුධ හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු හරහා, CIDය විසින් අදාල පුද්ගලයා රඳවා තබා ගැනීම වැළැක්වූ බව යි.

    ඒ, එම පුද්ගලයාගේ ක්‍රියාකාරකම් රහස් හමුදා බුද්ධි මෙහෙයුමක කොටසක් මෙන්ම, ඔහුගේ ක්‍රියාකාරකම් ජාතික ආරක්‍ෂක හේතූන් ලෙස වර්ග කර ඇති බව ප්‍රකාශ කරමින් බව ද පෙත්සම්කරු පෙන්වා දී ඇත.

    පාස්කු ප්‍රහාරයෙන් පසු සිදුකළ විමර්ශන හරහා මාතලේ ‘පොඩි සහරාන්’ හෙවත් ‘මාතලේ සහරාන්’ නැමැත්තා ගැන සොයා ගැනීමට රහස් පොලිසියට හැකිවී ඇත.

    පසුව මාතලේ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරින් විසින් මෙම ‘පොඩි සහරාන්’ අත්අඩංගුවට ගෙන ඇත. එදිනම ඔහු නැවතත් CIDය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

    පොඩි සහරාන්ගෙන් ප්‍රශ්න කරමින් සිටිය දී ඔහු “සොනික් සොනික්” නැමැත්තා සමග සන්නිවේදනය කර ඇති බවට රහස් පොලිසියට අනාවරණය වී තිබේ.

    ඉන්පසු IP ලිපිනයක් හරහා එම ‘සොනික් සොනික්’ නැමැත්තා භාවිතා කරන සිම් කාඩ්පත පිළිබඳ තොරතුරු සොයාගැනීමට රහස් පොලිසියට හැකිවී ඇත.

    ,එක්සත් ජනපදයේ FBI ආයතනය ලබාදුන් තොරතුරු අනුව, සහරාන් සමග නිතර නිතර සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු පිළිබඳව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු CID නිලධාරීන් දැනුවත් වූ බව ශානි අබේසේකර පවසයි

    එම හෙළිදරව්ව මත රහස් පොලිසිය සොනික් සොනික් භාවිතා කරන SIM කාඩ්පත් සහ IP ලිපිනවලට අදාල තොරතුරු විමර්ශනය කළ බව පෙත්සම්කරු පවසයි.

    සොනික් සොනික් විසින් භාවිතා කෙරුණු සිම් කාඩ්පත කොළඹ නාගරික රථවාහන අංශයට අනුයුක්ත පොලිස් කාන්තාවකගේ නමට ලබාගෙන ඇති බව ද මෙහිදී අනාවරණය වී ඇත.

    රහස් පොලිසිය එම කාන්තා පොලිස් සැරයන්වරියගෙන් ප්‍රශ්නකර ඇති අතර, රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂක බණ්ඩාරට ඇය එම සිම්පත ලබා දී ඇති බව එහිදී අනාවරණය වී ඇතැ යි ද පෙත්සමේ සඳහන්.

    අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම සඳහා උප පොලිස් පරීක්ෂක බණ්ඩාරගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කළ බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

    එහිදී, උප පොලිස් පරීක්ෂක බණ්ඩාරට පොඩි සහරාන් සමග ඇති සම්බන්ධය ගැන ප්‍රශ්න නොකරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පති සම්පත් ලියනගේ දැනුම්දුන් බව ද පෙත්සම්කරු අධිකරණයට කියා සිටියේ ය.

    ඒ, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර ජාතික ආරක්ෂාවට සෘජුව සම්බන්ධ වූ රහසිගත මෙහෙයුමක නිරත බව දක්වමිනි.

    කෙසේ වෙතත්, එම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඉල්ලීම පිළිපැදීම තමා විසින් ප්‍රතික්ෂේප කරමින් උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කළ බව ද ශානි අබේසේකර පවසයි.

    එහෙත් උප පොලිස් පරීක්ෂකවරයා “පොඩි සහරාන්” සමග ඔහුගේ සම්බන්ධය පිළිබඳ කිසිදු තොරතුරක් හෙළිකිරීම ප්‍රතික්ෂේප කළ බව ද පෙත්සම්කරු අධිකරණයට දක්වා ඇත.

    ශානි අබේසේකර අත්අඩංගුවට පත්වීම

    2020 ජුලි 31 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට පත්විය.

    කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ශානි අබේසේකර හා එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් අත්අඩංගුවට ගන්නා ලදුව, ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

    මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව පැවති නඩුවක දී අසත්‍ය සාක්ෂි නිර්මාණයකර, එම නඩුවට නීති විරෝධී ලෙස ගිනි අවි හඳුන්වාදුන් බවට චෝදනා කරමින් මෙසේ අත්අඩංගුවට ගැනුනි.

    ශානි අබේසේකර එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු වූ පොලිස් පරීක්ෂකවරයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව ය.

    2021 වසරේ ජූනි 16 දා, එවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහරින ලෙස අභියාචනාධිකරණය නියම කළේ ය.

    ශ්‍රී ලංකාවේ කීර්තිමත් රහස් පරීක්ෂකවරයෙකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ සෞඛ්‍ය තත්ත්වය නොසලකා, ඇප ලබා නොදී, මාස දහයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතකර තිබීම ජාත්‍යන්තර වශයෙන් ද අවධානයට ලක්විණි.

    නීතිඥ ගෞරි තවරාසා මාර්ගයෙන් ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සම් පිළිබඳ විභාගය අවසන්කොට තීන්දුව දෙමින් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළහ.

    සැකකරුවන් දෙදෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නියම කෙරිණි.

    සැකකරුවන් විසින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු වූ අතර, අධිකරණයේ අනුමැතියකින් තොරව විදේශගතවීම ද තහනම් කෙරිණි.

    සැකකරුවන් පදිංචිව සිටින ලිපිනයන් වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කළ යුතු බවට ද ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියෝග කළේ ය.

    කවුද මේ ශානි අබේසේකර?

    ශානි අබේසේකර වසර 18ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්තව සේවය කළ දක්ෂ විමර්ශන නිලධාරියෙකි. සක්‍රීය සේවා කාලය තුළ ඔහු ඉහළ පෙළේ විමර්ශන ගණනාවකට සම්බන්ධ විය.

    • 1999 දී එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඝාතනය කිරීමට දැරූ තැත

    • 2001 වසරේ LTTEය විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රහාරය

    • 2005 දී රෝයල් පාර්ක් නිවාස සංකිර්ණයේ දී ඉවෝන් ජොන්සන් ඝාතනය

    • 2006 වසරේ දී එවකට ආරක්ෂක ලේකම්වරයා සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය

    • 2008 දී නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් විසින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම

    • 2009 වසරේ “අඟුලාන ද්විත්ව ඝාතන” නඩුව

    • 2010 දී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම

    • 2013 දී නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ කණ්ඩායමක් ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම

    අධීක්ෂණය කළ ඉහළ මට්ටමේ විමර්ශන:

    • 2015/2016 දී මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධ වංචාව

    • 2009 දී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය

    • 2018 දී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීම

    • 2009 දී මාධ්‍යවේදී පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් පහරදීම

    • මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීම

    • 2018 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් පාර්ලිමේන්තු කථානායකට පහරදීමට තැත් කිරීම හා පොලිස් නිලධාරීන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට පහරදීම

    • 2012 වසරේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය

    • 2013 වසරේ රතුපස්වල ගම්වාසීන් ඝාතනය කිරීම

    • 2012 වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීම

    ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීන් ලෙස ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා හැඳින්විය හැකිය.

    රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, කොළඹ අවට තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සහ රතුපස්වල වෙඩි තැබීම සම්බන්ධ විමර්ශන සිදුවූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ අධීක්ෂණයෙනි.

    එම සිදුවීම්වලට අමතරව රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනීමැරුම, උඩතලවින්න ඝාතනය හා, මොහොමඩ් සියාම් ඝාතනය වැනි ආන්දෝලනාත්මක මිනීමැරුම් ගණනාවක අභිරහස් හෙළිකරගත් විමර්ශන කටයුතුවල නියැලුණු නිලධාරියෙකු ලෙස ද ශානි අබේසේකර හැඳින්විය හැකි ය.

    ශ්‍රී ලංකාවේ කීර්තිමත් රහස් පරීක්ෂකවරයෙකු වන ශානි අබේසේකර වත්මන් රජය පත්වීමත් සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරින් ඉවත්කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස පත් කළේ ය.

    ස්ථාන මාරුව ක්‍රියාත්මක වන අවස්ථාව වන විට පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර සම්බන්ධයෙන් ද ඔහුගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වෙමින් පැවැති අතර, ඒ පිළිබඳව සොයා බැලූ විශේෂ පාර්ලිමේන්තු කමිටුව හා ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ ද ඔහු සාක්ෂි දුන්නේ ය.

    උපුටා ගැනීම .. BBC පුවත් සේවය

    එසේම නිව්ස් newswallet.lk වෙබ් අඩවියද මෙය වාර්තා කර තිබේ,

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version