අනුරාධපුර ප්‍රදේශයේ ත්‍රීවිල් රථයකින් වැටී තිබුණු මුදල් පසුම්බියක් අහුලා එහි තිබුණු රුපියල් 98,000ක මුදලක් කාන්තාවක් විසින් පොලීසියට භාරදුන් සිද්ධියක් පිළිබඳව වාර්තා වේ.
එම මුදල් පසුම්බිය හමු වූ කාන්තාව එය අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට භාර දී ඇති අතර පසුව පොලීසිය විසින් පසුම්බියේ භාරකරු සොයා එය ඔහුට ලබා දීමට කටයුතු කර තිබේ .
පසුම්බියේ හිමිකරු පවසා ඇත්තේ තමා නිවසට විදුලි උපාංග රැගෙන යාමට පැමිණි අවස්ථාවේ දී මෙම මුදල වැටී ඇති බවයි.
මෙවන් ආර්ථික අපහසුතා රාශියක් තිබෙන කාලයක මෙවැනි සත් ක්‍රියාවක් කිරීම පිළිබඳ එම කාන්තාවට හා පොලිස් ස්ථානාධිපතිවරයා සිය ස්තූතිය පළ කළ බව ද වාර්තා වේ.














































