ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන පළමු හා එකම ටෙස්ට් තරගයේ පළමු දිනය වන අද (02) දිනයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානය සියලු දෙනා දැවී ලකුණු 198ක් ලබා ගත් බව වාර්තා වේ.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසුණු නමුත් ඔවුන්ට විශාල ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට නොහැකි වි තිබේ.
ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සාර්ථක ඉනිමක් දියත් කළ රහ්මට් ශා ලකුණු 91ක් රැස් කළේ ය.
පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු කඩුලු 04ක් දවා ගත්තේ ය.
අසිත ප්‍රනාන්දු හා ප්‍රභාත් ජයසූරිය අතරේ කඩුලු 03 බැගින් බෙදී ගිය බව සදහන්.













































