English
සිංහල
05:03 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ආත්මා පුල් එකට දමා, නිර්වස්ත්‍ර වූ රාජ්‍ය පරිපාලන ලේකම්වරු!. අහෝ රාජ්‍ය සේවයේ මළගම ලිය වී ඇති සැටි!

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මහනුවර, උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න අනීතිකව ඉවත් කර පලිගැනීමක් වශයෙන් “පූල් එකට” ඇද දැමීම හෙවත් පරිපාලන සේවා සංචිතයට මාරුකිරීම වෙනුවෙන් ආවරණ අනුමැතිය ලබා දීම රාජ්‍ය සේවා කොමිසම විසින් යළිත් ප්‍රතික්ෂේප කර ඇත.

    මීට පෙර ද රාජ්‍ය සේවා කොමිසම ඇය ගේ මේ අනීතික ස්ථාන මාරුවට අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණි. එසේ වුවද එම තීරණය යළිත් සලකා බලන ලෙසට

    රාජ්‍ය සේවා කොමිෂමෙන් රාජ්‍ය පරිපාලන පලාත් සභා පලාත් පාලන හා ස්වදේශ කටයුතු ලේකම්වරයා මහ අරුම පුදුම ඉල්ලීමක් කර ඇත. මෙය අරුම පුදුම ඉල්ලීමක්‍ යනුවෙන් මා සඳහන් කළේ රාජ්‍ය සේවා කොමිසම යම් කරුණක් පිළිබඳ තීරණයක් දුන් පසු එය යළි සලකා බලන ලෙස ඉල්ලීමක් කිරීමේ ක්‍රමවේදයක් නැති නිසා ය. රාජ්‍ය සේවා කොමිසම ලබාදුන් තීරණයකින් අතෘප්තියට පත්වන පාර්ශවයකට එම තීරණයට විරුද්ධව අභියාචනයක් පරිපාලන අභියාචන විනිශ්චය සභාවට ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතී.රාජ්‍ය සේවයේ පරිහානිය කොතෙක්ද? යත් ඒ බව දන්නා ලේකම් ,අතිරේක ලේකම්, අධ්‍යක්ෂ ජනරාල් වරු ,රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නොමැති වීමෙන්ම පෙනේ. ඔය මට්ටමේ මේ ගැන දැනුමක් ඇති කවුරුන් හෝ හිටියා නම් රාජ්‍ය පරිපාලන ලේකම් වරයා දෙවැනි වරටත් රාජ්‍ය සේවා කොමිසම හමුවේ මෙසේ “පච වෙන්නේ” නැත.

    රාජ්‍ය පරිපාලන ලේකම්වරයා මේ විදිහට අමු අමුවේ පච වෙන විට රාජ්‍ය සේවයේ සිටින හා හිටපු කාටත් නිගරුවක්; ලැජ්ජාවක් ඇති වේ. මීට පෙර ද ඔය වගේම පච වීමකට ලක්වීමකට රාජ්‍ය පරිපාලන ලේකම් වරයකුට සිදු විය.ඒ පසුගිය පලාත් පලන ඡන්දයේ දී ඇප මුදල් භාර නොගන්නා ලෙසට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට චක්‍ර ලේඛනයකින් උපදෙස් දෙන්නට යාමෙනි.එදා ඒ ලේකම් වරයා කළ එම අතිශය භයානක වැරැද්ද පිළිබඳව දැඩි විවේචනයක් සිදු කිරීමට අපට සිදු විය.එසේ දැඩි විවේචනයක් සිදු කළේ ඊට පූර්වයෙන් පැවැත් වූ පලාත් පාලන ඡන්දයේ දී ස්වදේශ කටයුතු ලේකම් වරයා ලවා ඔය මාදිලියේම නියෝගයක් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට දෙන්නට එවක දේශපාලකයින් උත්සාහ කළ අන්දම පිළිබඳ අත්දැකීම අපට තිබුණු නිසා ය.

    වාසනාවට එවක ස්වදේශ ලේකම්වරයා පලාත් පාලන ඡන්දය සඳහා ඇප මුදල් භාර නොගන්නා ලෙස මුලින්ම දුරකථනයෙන් කිව්වේ එවක දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියෙකු වූ මට ය. මම එසැනෙන්ම ඒ නියමය ප්‍රතික්ෂේප කර ස්වදේශ කටයුතු ලේකම් වරයා මුණ ගැසී එම අනීතික තීරණය ට දැඩි විරෝධය දැක්වීමි.එපමණකින් නොනැවතුණු මම අනිකුත් තේරීම් භාර නිලධාරීන්ට ද ඔහුගේ එම අනීතික නියෝගය ලබා දීම වැලැක්වූයෙමි. එහෙත්, ඒ,වනවිටත් දේශපාලන අංශයකින් එම නියමය දිස්ත්‍රික් තේරීම්,භාර නිලධාරීන්ට සංනිවේදනය කර තිබූ බැවින් ලේකම්වරයා ද එක්කර ගෙන අදාල දේශපාලන බලධාරීන්ට කරුණු තේරුම් කර දී ඒ අනීතික නියමය වැලැක්වීමට අපට හැකි විය.එම ක්‍රියාව වලක්වාගැනීමට හැකිවීමෙන් තහවුරු වුණේ කරුණු නිවැරදිව පැහැදිලි කර දේශපාලඥයින් ගන්නා වැරදි තීන්දු ආපසු හැරවිය හැකි බවයි.එම ක්‍රියාවෙන් පෞද්ගලිකව මට රාජ්‍ය සේවයේ දී පාඩු සිදුවුණත් අප මිත්‍ර ලේකම් වරයාගේ වෘත්තීය සේම ආත්ම ගෞරවය ආරක්ෂා කරගැනීමට සහය වීමටත් ,අනීතික දේශපාලන මැදිහත්වීමකින් මැතිවරණ ක්‍රියාවලිය බේරා ගැනීමටත් හැකි වීම ගැන දැනුදු මා තුළ ඇත්තේ සතුටකි.

    ආත්මා දිලුක්ෂි ජයරත්නගේ අනීතික ස්ථාන මාරු සිද්ධියේ දී රාජ්‍ය සේවා කොමිසම කලින් ගත් නිවැරදි තීරණය “රිවස් කරවීමට” බොහෝ බලධාරීන්ට අවශ්‍යව තිබුණි.ඒ සඳහා ඔවුහු විවිධ කූටෝපායන් අනුගමනය කළහ.එසේ වුව ද මේ කාරණයේ දී රාජ්‍ය සේවා කොමසම නිවැරදි ස්ථාවරයක සිටිමින් කෙලින් තීරණ ගැනීම රාජ්‍ය සේවාවේ නිවැරදිව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වන සුභ පණිවුඩයක් ද වනු ඇත.එම නිසාම ඒ තීරණය පිළිබඳව නීති ගරුක පුරවැසියන් ලෙස අපගේ ස්තූතිය හා ගෞරවය රාජ්‍ය සේවා කොමිසමට පිරිනැමීමට කැමැත්තෙමු. වරද නිර්දය ලෙස විවේචනය කිරීමටත් හරිදේ අගය කිරීමටත් අපි මැලි නොවන්නෙමු.

    රාජ්‍ය සේවා කොමිසමේ මේ තීරණයත් සමඟ තවදුරටත් කූට උපක්‍රම මගින් ආත්මා දිලුක්ෂි ජයරත්නව කුප්‍රකට සංචිතයේ හෙවත් “පූල් එකේම” තබා ගැනීමට උත්සාහ නොකර ඇයට ලබාදුන් අනීතික ස්ථාන මාරු ලිපිය ඉවත් කර ගැනීමට රාජ්‍ය පරිපාලන ලේකම්වරයා වහා ක්‍රියා කළ යුතුව ඇත.

    එසේ සිදු නොකර වෙනත් “වංගු ගහන්නට” ගියහොත් යළි වරක් උපරිම “පච වීමකට” ලක්වන්නට ඔහුට සිදුවනු නියත ය.එපමණක් ද නොවේ මේ කූට උත්සාහයන් නිසා රාජ්‍ය පරිපාලනය භාරව ක්‍රියා කරන ඉහළ බලවතුන්ගේ ක්‍රියා කලාපයන් පිළිබඳ මහජනතාවගේ පිළිකුල ද ඉහළ නැංවෙනු ඇත රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කරන අනීතික හා ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන්ගෙන් ඒ අමාත්‍යංශය භාර අමාත්‍යවරයා ද ආණ්ඩුව ද පිරිහීමට ලක්වෙන බව සිල්ලර ලෙසම කිව හොත් කුජීත වන බව කවුරු කවුරුත් තේරුම් ගත යුතුවේ.

    උඩ පලාත ප්‍රාදේශීය ලේකම් වරිය මුහුණ දී ඇති සිද්ධිය අප රටේ රාජ්‍ය පාලනය පවතින තත්වය පිළිබඳව තේරුම් ගැනීමට යොදා ගත හැකි කදිම දර්ශකයකි.එනිසා මෙය නිකම් අත හැර දමන්නට අපට නොපුළුවන.දැන ගන්නට ඇති තොරතුරු වලට අනුව රජයේම අමාත්‍යංශයක් වැඩිහිටියන් සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට උඩ පලාත ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට මුදල් ප්‍රතිපාදනයක් වෙන් කර දී ඇත.ප්‍රාදේශීය ලේකම් වරිය මේ ව්‍යාපෘතිය යටතේ වැඩිහිටි සුභ සාධන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට තම කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසමක ඇති රජයේ ඉඩමකින් කොටසක් වෙන් කර නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් කොන්ත්‍රාත් කරුවෙකු තෝරාගෙන වැඩ ආරම්භ කර ඇත.මේ ව්‍යාපෘතියට අදාල ඉඩම යොදා ගැනීම ගැන ප්‍රදේශයේ දේශපාලන බලවතා නොසතුටු වන්නේ ඒ ඉඩම සම්බන්ධයෙන් ඔහුගේ හෝ සමීප හෙංචයියෙකුගේ වෙනම සැලැස්මක් තිබුණු නිසා විය යුතු ය.මේ වැඩිහිටි මධ්‍යස්ථානය ඉදිකළොත් ඔවුනට තම සැලැස්මට ඉඩම යොදා ගත නොහැකි වේ.එවිට ඔවුන් කරන්නේ ඊට බාධා පැමිණවීම ය.මුලින්ම එය නතර කරන ලෙස ඉදිකිරීම් කරන අයට නියම කරන්නේ පොලිසිය මගිනි.පොලිසියේ මේ අනීතික මැදිහත්වීමට ආත්මා දිලුක්ෂි ජයරත්න ප්‍රාදේශීය ලෙකම් වරිය සෘජුවම එරෙහිවීම නිසා එය අසාර්ථක විය.

    ඉන්පසුව අදාල ගොඩනැගිල්ලේ සැලසුම අනුමත කර නැති නිසා මෙය ඉදි නොකරන ලෙසට ප්‍රාදේශීය සභාවේ ලේකම් දන්වා ඇත.අදාල ප්‍රදේශයේ කිසිදු රජයේ ගොඩනැගිලි ඉදිකිරීමක දී අවශ්‍ය නොවූ “බ්ලූ ප්‍රින්ට් එකක්” මේ ගොඩනැගිල්ලට විතරක් ඉල්ලා ඇත්තේද ප්‍රදේශීය සභා ලේකම් ය.ඊට යන වියදම ඇස්තමේන්තුවේ වෙන්කර නොතිබුණු නිසා අහිංසක වැඩිහිටියන් එකතු කළ මුදලින් වියදම දරා ඒ අවශ්‍යතාව ද ඉටුකර දී ඇත.මේ ගැන ප්‍රාදේශීය සභාවෙන් විමසූ විට මේවා සිදුකරන්නට වෙන්නේ අදාල දේශපාලකයාගේ බලපැම නිසා බවට පිළිතුරු ද ලැබී ඇත. ඒ පිළිබඳව ද කරුණු දක්වා තත්වය කලමනාකරණය කරගත් බව දැන ගන්නට ඇත.ඒ සමගම අදාල ඉඩමෙන් පර්චස් පහක බිම් කොටසක් ජල සම්පාදන මණ්ඩලයට ඉල්ලා එහි ප්‍රාදේශීය නිලධාරින් විසින් ඉල්ලීම් කර ඇත.ඒ සඳහා නියමිත ව්‍යවස්ථාපිත ඉල්ලීමක් කරන ලෙසටත් පර්චස් 112ක් වන මේ ඉඩමෙන් පර්චස් පහක් ජලසම්පාදන මණ්ඩලයට ලබාදිය හැකි බවටත් ආත්මා දිලුක්ෂි ජයරත්න ප්‍රාදේශීය ලේකම් වරිය ජල සම්පාදන මණ්ඩලයට පිළිතුරක් යොමු කර ඇත.

    ඊළඟට බලපෑම කෙරුණේ ජාතික තලයේ ඉහලම බල ව්‍යුහයක් හරහා ය.එතනට ඉදිරිපත්ව තිබුණේ විධිමත්ව මැන වෙන් නොකළ ඉඩමක වැඩිහිටි මධ්‍යස්ථානය ඉදිකිරීම නිසා ජල ව්‍යාපෘතියට වෙන් කළ ඉඩම අහිමි වන බවට වන පැමිණිල්ලකි.එතනින් ලද විමසුමට රජයේ ඉඩමක කොටසක රජයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට වෙනම මැන වෙන් කිරීමේ සැලැස්මක් අවශ්‍ය නොවන බවට නිවැරදි කරුණු පැහැදිලි කිරීම ද සිදුවූ නිසා ඒ බලපෑම ද නිශේධනය වී ඇත. මේ අතර වැඩිහිටි නිවාසය ඉදිකිරීම හාර කළ කොන්ත්‍රාත්කරු උප කොන්ත්‍රාත්කරුවෙකු මගින් ඉදිකිරීම් කටයුතු කරමින් තිබුණි.එම කොන්ත්‍රාත්කරුට බලපෑම් කර එම ඉදි කිරීම නතර කළා පමණක් නොව එතෙක් ඉදි කර තිබූ කොටස කඩා දැමීමට ද කොන්ත්‍රාත්කරු සූදානම් විය.වහා මැදිහත්වූ ප්‍රාදේශීය ලේකම් වරිය ගිවිසුම උල්ලංඝනය කර උප කොන්ත්‍රාත් දීම මත කොන්ත්‍රාත්තුව අවලංගු කර ඊළඟ කොන්ත්‍රාත්කරුට කාර්ය භාර දී ඇත.

    අනවසර වාර්තා මගින් තමා වෙත වාර්තා වන රජයේ ඉඩම් අනවසර අල්ලා ගැනීම අරබයා අස්කිරීමේ දැන්වීම් යැවීමත් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමත් ප්‍රාදේශීය ලේකම් වරයෙකුගේ රාජකාරි වගකීම් බව බොහෝ දේශපාලකයින් සහ ඒ අයට සට්ටඹි වැඩ කරන නිලධාරීහු පිළිනොගනිති. ඔවුන් සිතන්නේ එබඳු බලතල පාවිච්ච් කළ යුත්තේ ප්‍රදේශයේ දේශපාලන බලය ඇති කෙරුමන්ගේ සිත් තුටු පහටු කිරීමට කියා ය. ඒ අතර ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්නට එරෙහිව කොන්ත්‍රාත් කරු පැමිණිල්ලක් ඉහලට ඉදිරිපත් කොට තිබිණ.එකී පැමිණිල්ලට අදාලව විමර්ශනයක් කිරීමට යම්‍ යම් වාර්තා ප්‍රාදේශීය ලේකම් වරිය වෙතින් ඉල්ලා එවන ලෙස දිසාපතිවරයාට දැනුම් දීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කඩිනමින් පියවර ගෙන තිබිණ.දිසාපතිවරයා ද ආත්මා දිලුක්ෂි ජයරත්න ප්‍රාදේශීය ලේකම් වරිය රාජකාරි නිවාඩු ලබා සිටි දිනක එකී වාර්තා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් එදිනම සපයන ලෙස ඉල්ලා ඇති අතර ඒවා සැපයුවේ නැති බව එදිනම කොළඹට වාර්තා කිරීමට ද කාර්‍යක්ෂම දිසාපතිවරයා ක්‍රියා කර ඇත.

    ඒ අනුව ප්‍රාදේශීය ලේකම් වරිය රාජකාරියේ සිටීම විමර්ශනයට බාධාවක් වන බවට වූ නිගමනයක් හදා ගැනීමට ඉඩ නිර්මාණය කර වහාම රාජ්‍ය සේවා කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව ආත්මා දිලුක්ෂි ජයරත්න ප්‍රාදේශීය ලේකම් වරිය පරිපාලන සංචිතයට හෙවත් පූල් එකට ස්ථාන මාරු කර ඇත. රාජ්‍ය සේවා කොමිසම මේ ස්ථාන මාරුවට ආවරණ අනුමැතිය දුන්නේ නම් මේ කතාව එතනින්ම අවසන් වේ.ආත්මා දිලුක්ෂි ජයරත්න ප්‍රාදේශීය ලේකම් වරිය කොහේ හෝ අමාත්‍යංශයක හෝ පලාත් සභාවකට කොටුකර දැමෙනු ඇත. අනපේක්ෂිත කරුණ වුණේ ඊට රාජ්‍ය සේවා කොමිසම ආවරණ අනුමැතිය දීම ප්‍රතික්ෂේප කිරීමයි.

    ඉන්පසු ඒ තීරණය යළි සලකා බැලීමේ ඉල්ලීමක්,හෙවත් හෙට්ටු කිරීමටත් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩ කළ බවට ආත්මා දිලුක්ෂි ජයරත්න ප්‍රාදේශීය ලේකම් වරිය ට එරෙහිව එම දේශපාලනඥයා කතානායක වරයා කල පැමිණිලි පිටපත්.ඔහු වන්දි ඉල්ලා ප්‍රාදේශීය ලේකම් වරියට යැවූ එන්තරවාසියක පිටපත් ද අනුපාන වශයෙන් සැපයීමටත් බලධාරීන් කටයුතු කොට ඇති අන්දම අපූරු ය.එහෙත් රාජ්‍ය සේවා කොමිසම දෙවන වරටත් සිය තීරණය වෙනස් කොට නැත.

    මහනුවර,උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න අනීතිකව ඉවත් කර පලිගැනීමක් වශයෙන් “පූල් එකට” ඇදමීමට ගත් තීරණය ඔවුන්ටම ඇලජික් වී ඇත්තේ ඒ අනුව ය.

    සාමාන්‍ය වහරට අනුව පිහිනුම් තටාකයට ද ” පූල් එක “කියති ඒ අරුතින් බලන විට ආත්මා දිලුක්ෂි ජයරත්න පූල් එකට ඇද දමා එම දඩ බලු කාර්ය කල නිලධාරීන්ට ” ඇදගෙන නෑමට” සිදු වනු ඇත.ඒ අනුව හෙට අනිද්දාට ආත්මා දිලුක්ෂි ජයරත්න අවවාද අනුශාසනා කිරීමට ඔහුන් සද් ගුණවත් උපාසක වෙස් ගනු ඇත.ඇයට සතුටෙන් රාජකාරි කළ හැකි ස්ථාන සපයා දීමට ඒ උපාසකයින් නොමසුරුවම ඉදිරිපත් වනු ඇත.

    ඇය නිල නිවාස සොයා දීමටත් පොරොන්දු වනු ඇත.තව නොයෙක් පොරොන්දු දෙමින් ඇය යළි උඩ පලාතට නොයැවීමෙන් අර දේශපාලකයාට සහනයක් අත්කරදීමටත් ඔවුන් උත්සාහ දරනු ඇත.සාමාන්‍යයෙන් ගොරවාගෙන දත් විලිස්සාගෙන කන්න කඩා පනින බල්ලන්ට පස්ස පැත්තට හොඳ පාපහරක් වැදුණාම නගුට පස්සා පැත්තේ ගසාගෙන කකුල් ලෙවකන්නට පටන්ගන්නා බව අපේ අත්දැකීම ය.

    උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්නට මේ සියල්ලට මුහුණ දෙන්නට වුණේ ප්‍රාදේශීය ලේකම් ධුරයට අයත්‍ රාජකාරි නිවැරදිව ඉටුකිරීමට යාම නිසා ය .මේ රටේ මහජන ඡන්දයෙන් බලයට පත්වන බොහෝ දේශපාලකයින් හිතාගෙන ඉන්නේ ජන වරම යනු ඇලඩින් ගේ පුදුම පහනක් කියා ය. රාජ්‍ය පාලනය පවා සිදුවිය යුත්තේ තමන්ට ඕනෑ විදියට කියා ය. විවිධ නිලතලවලට පවරා ඇති නෛතික බලතල ස්වාධීනව ක්‍රියත්මක නොකර තමන් අනුමැතිය දෙන ඒවා පමණක් ක්‍රියාත්මක කළ යුතු යැයි ඔවුහු සිතා සිටිති.

    ප්‍රදේශය තමන්ට ඕනෑ හැටියට පාලනය කරන්නට ඔවුන්ට ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සභාපති නම් අංතට්ටුවක් පලඳවා වාහනයක් ද කාර්ය මණ්ඩලයක් ද ලබාදී රජයේ මුදලින් කෙරෙන සියලු සංවර්ධන වැඩ කරන ස්ථානය කොන්ත්‍රාත්කරු කවුද? යන සියල්ල තීරණය කිරීමට ද ඉඩ හරියි.මේ අංතට්ටුව පැළඳ ඉන්න එවුන් කියන ඒවා නොකරන නිලධාරීන්ට මාරුකිරීමට ඇතැම් රාජකාරීමය පුරුෂ ශක්තිය හීන අමාත්‍යංශ ලේකම්වරු සැදී පැහැදී සිටින්නෝය.නිලධාරීන්ව දමනය කිරීමට දේශපාලකයින්ට උඩගෙඩි දෙන්නේ ඔය සට්ටඹි ඉහල නිලධාරීන්‍ම ය.රටේ නිවැරදි නීතිගරුක පාලනයක් සහතික කිරීමට නම් මේ දේශපාලකයින්ට ඕනා දේ කරන නිලධාරීන් නොව නීතියට අනුව රාජකාරි කරන නිලධාරීන් දිරිමත් කළ යුතුව ඇත.

    ඉහළ නිලධාරීන් වැඩි දෙනෙක් පහල නිලධාරී නම් කඩල ඇට ප්‍රෙෂර් කුකර් එකේ දමා තම්බා දේශපාලකයට හපන්න පුලුවන් ගාණට තම්බා දෙති. කඩල අහුර කටට දමා හපන දේශපාලකයාගේ දත කැඩෙන්නේ ප්‍රෙෂර් කුකර් එකේදීවත් තැම්බෙන්නේ නැති කඩල ඇට හැපුණු විට ය.ඊට පසු ඔවුහු කට අත ගගා කඩල තැම්බූ එකාට අම්මා මෝ නැතිව බැන වදිති.

    මහනුවර, උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්නත් ඉහල නිලධාරීන්ගේ ප්‍රෙෂර් කුකර් එකේ තැම්බෙන්නේ නැති කඩල ඇටයකි. අන්න ඒ ජාතියේ කඩල ඇට එකතු කර ආරක්ෂා කර පැළ කර චෞර දේශපාලකයින්ට හපා විනාශ කිරීමට බැරි කඩල බෝ කර ගැනීම අප කාගේත් යුගයේ කාර්ය භාරය විය යුතුය.

    සුනිල් කන්නන්ගර
    කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
    skannangara1959@gmail.com

    (vinivida.lk)

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version