කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කරයි.
නල මාර්ගයේ සිදු වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ඊයේ (18) රාත්‍රි 08.00 පමණ ජල සැපයුම අත්හිටුවීමට සිදු වූ බව එම මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව, කොළඹ 05, කොළඹ 06, බත්තරමුල්ල, පැලවත්ත, උඩුමුල්ල, හිඹුටාන, රත්මලාන සහ දෙහිවල – ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශ සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බව සඳහන් වේ.
එමෙන්ම කොළඹ 04 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.













































