English
සිංහල
13:09 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    බලසම්පන්න සොහොයුරන් සිව්දෙනෙකු දූපතක් වැනසූයේ කෙසේ ද..? – වොෂින්ටන් පෝස්ට් විග්‍රහය මෙන්න

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    දෙවසරකට නොවැඩි කාලයක් තුළ, බොහෝ දුරට තමන් විසින් ම නිර්මාණය කළ අර්බුද දාමයකට නායකත්වය දී ඇත්තේ ශ්‍රී ලංකාවේ මුල් පවුල ම ය.

    මිලියන 22 කට ආසන්න දූපත් වාසීන් සිටින්නේ දශක දෙකක් තුළ එහි දරුණු ම ආර්ථික අර්බුදයට මුහුණ දෙමිනි. අභාග්‍ය සම්පන්න රසායනික පොහොර තහනම දැවැන්ත වී සහ තේ අස්වනු අඩුවීමකට මග සැළසී ය. විනිමය අර්බුදය කළමනාකරණය කර ගැනීමේ නොසමත්කමෙන් මානුෂීය අර්බුදයකට ගැට ගැසෙමින් තිබෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය වේගයෙන් ඇදෙමින් තිබෙන්නේ විසඳුමක් නොමැති තැනකට ය. මේ දක්වා එහි ප්‍රධාන ම සගයන් දෙදෙනෙකු වන ඉන්දියාව සහ චීනයේ උපකාර මත විශ්වාසය තබමින් සහ පුළුල් ජාත්‍යන්තර ආධාර මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කරමින් රට රැඳී තිබෙන්නේ බංකොලොත් භාවයේ ගැට්ටෙහි ය.

    දස දහසක පමණ විරුද්ධ පාක්ෂිකයන් එක්ව ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයාට කෑ ගැසූ විරෝධතාවක් පසුගිය අඟහරුවාදා පැවතිණ. මේ අතර, විදුලිය නොමැති වීම, ඉන්ධන, ආහාර සහ බෙහෙත් හිඟය දෛනික වැටුප් ලබන කම්කරුවන්ගේ සිට හැමෙකෙකු ම වේදනාවට පත් කර තිබෙන හැටි රට පුරා ම දැකිය හැකි අතර, ක්‍රියාකාරිකයන් කොවිඩ් වසංගතයෙන් සහ ඊට පෙර, 2019 පාස්කු ඉරුදින 270ක් දෙනා මරා දමමින් කිතුණු දේවස්ථානයන්ට සහ හෝටල් කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියැදුණ සංචාරක ව්‍යාපාරය පණ ගන්වන්නට කඩිනම් පියවර ගනිමින් සිටියි. ආසියාවේ නරක ම උද්ධමන තත්වය බවට පත්වෙමින් මේ වනවිට, උද්ධමනය 15% දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ නම් පරම පවිත්‍ර පවුල් දේශපාලනයකි…

    මේ හැම එකක් ම කෙරෙහි රාජපක්ෂ පරපුරේ බලපෑම අමුතුවෙන් කිවයුතු නොවේ. 2019 නොවැම්බර් ජනාධිපතිවරණයෙන් ධුරයට පත් ගෝඨාභය ඔහුගේ සොහොයුරා මහින්ද අගමැති තනතුරට පත් කරවා ගත්තේ ය. ඒ ගැළපීමෙහි හුරු පුරුදුකමක් හැඟෙන්නේ නම්, එහි වරදක් නැත. පළමු ව 2004දී අගමැති ලෙස බලයට ආ මහින්ද පසුව ජනාධිපති විය. එකල ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වූ ගෝඨාභය ද්‍රවිඩ ත්‍රස්තවාදීන් සමග කළ සටන අවසානයේ කළ කී දේ නිසා අපකීර්තිමත් විය. දහසක් දෙනා මිය ගිය අතර, හිරිහැර කිරීම්, දූෂණය කිරීම්, නීතිවිරෝධී ඝාතන, පැහැර ගැනීම් සහ ද්‍රවිඩ බෙදුම්වාදීන්, විරුද්ධ මතධාරීන් සහ මාධ්‍යවේදීන් මරා දැමීම් හෝ අතුරුදන් කරවීම් නිසා එල්ලවුණ මේ අපකීර්තිය ගෝඨාභය තරයේ ප්‍රතික්ෂෙප කළේ ය. 2015 සිට ඉතා කෙටි කලකට රාජපක්ෂලා බලයෙන් පහ කෙරුණ අතර, ව්‍යවස්ථා අර්බුදයක් ඇති කරවා 2018 දී ඔහුව බලයෙන් පහ කරවන තුරු රනිල් වික්‍රමසිංහ රජය පවත්වාගෙන ගියේ ය. 2020 අගෝස්තු මහ මැතිවරණයෙන් ඔවුන්ගේ රජය නැවතත් දීප ව්‍යාප්ත දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කර ගත් අතර, වහ වහා අහිමි කරවා තිබුණ විධායක බලය නැවතත් ජනාධිපතිවරයා අතට ගොනු කරවා ගත්තේ ය. ඒ සමග ම ඇමරිකන් ශ්‍රී ලාංකික පුරවැසි භාවය පිළිබඳ ගැටලුකාරී තත්වයක සිටි ඔහුගේ අනෙක් සොහොයුරා බැසිල් 2021 ජුලිමස මුදල් ඇමතිවරයා ලෙස පත් කර ගැනිණ. ඔහුගේ පාර්ලිමේන්තු ප්‍රවේශය කළහැකි ව තිබුණේ, ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ව්‍යවස්ථාමය වගන්ති ඉවත් කිරීමෙන් පමණි.

    ඔවුන්ගේ වැඩිමහළු සොහොයුරු චමල් කැබිනට් ඇමතිවරයෙකු වන අතර, ඔහුගේ පුත්‍රයා කැබිනට් නොවන ඇමතිවරයෙකි. අගමැතිවරයාගේ දෙටු පුත්‍රයා කැබිනට් ඇමතිවරයෙකු වන අතර, දෙවැනි පුත්‍රයා අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානියාත් සහෝදරියගේ පුත්‍රයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් වෙයි. සමහර ගණන් බැලීම්වලට අනුව, අයවැයෙන් 75%ක් තිබෙන්නේ රජයේ රාජපක්ෂ අමාත්‍යවරුන් අත ය. මේ නම් පරම පවිත්‍ර පවුල් දේශපාලනයකි.

    කෙසේ වුව ද, බලයෙහි සිටින මොන ම රාජපක්ෂ කෙනෙකුට හෝ මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කළහැකි කිසිවක් නොමැති බව පෙනේ.

    ප්‍රමුඛතාවය රුපියල පා කරවීම නොවෙයි..

    රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම නිසා ඇතිවූ තෙල් මිල ඉහළ යාමෙන් උත්සන්න වූ අර්බුදය මග හරවා ගැනීම සඳහා ඩොලර් බිලියනයක ණයක් ලබා ගැනීමට උත්සාහ කරමින් බැසිල් පසුගිය බදාදා සිටියේ ඉන්දියාවේ ය. යුද්ධය සංචාරක ක්ෂේත්‍රයට ද දැඩි ලෙස බලපා තිබේ. මෙම වසරේ මේ දක්වා පැමිණ සිටි සංචාරකයන්ගෙන් 30%ක් රුසියා, යුක්රේන, පෝලන්ත, සහ බෙලරුස්වරුන් ය. ඒ අතර, රුසියාව ශ්‍රී ලංකාවේ මහා පරිමාණ තේ ගැණුම්කරුවෙකු වන අතර, තේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝගයකි.

    මේ සතිය මුලදී බ්ලූම්බර්ග් පුවත් වාර්තා කළ ආකාරයට තත්වය සොහොයුරන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය සොයා යාමට දියාරු කරවන තරම් දරුණු විය. ශ්‍රී ලාංකික නිලධාරීහු පසුගිය සඳුදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා ඇරඹූ අතර ලබන මස මුලදී ප්‍රතිපත්තිමය යෝජනා ඉදිරිපත් කරවනු ඇත.
    IMF කොන්දේසි පිළිබඳ අපේක්ෂාවන්ට අනුකූලව, බලධාරීන් රුපියල දුර්වල වීමට සහ ණය ගැනීමේ පිරිවැය ඉහළ යාමට මෑතක දී ඉඩ හැර තිබේ. එහෙත් ක්‍රියාමාර්ග ගැනීමේ පිළිවෙළ විශේෂඥයන්ගේ විවේචනයට භාජනය වී තිබේ. කොළඹ මූලස්ථානය කරගත් වෙරිටාස් පර්යේෂණායතනයේ විධායක අධ්‍යක්ෂ ආර්ථික විද්‍යාඥ නිශාන් ඩි මෙල් මා සමග පැවසූයේ ඉහළ ම ප්‍රමුඛතාව දැක්විය යුත්තේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට බව ය. පොළී අනුපාත ඉහළ දැමීම සහ රුපියල පා කරවීම කළයුතු ව තිබුණේ ඉන් පසුව ය.

    රට බංකොලොත් වීමට ඇත්තේ මාස 3 යි..

    ඩි මෙල් පවසන ආකාරයට කලක් තිස්සේ පවත්නා වැරදි කළමනාකරණය නිසා වාතාවරණය හිම බෝලයක් මෙනි. අද ශ්‍රී ලාංකිකයා පත්ව තිබෙන තත්වය කිසිදිනෙක නොවූ විරූ ය. එය දශක ගණනාවක් ඇදුණ සිවිල් යුද සමයේවත් සිදු වූ හැම දෙයකටමත් වඩා වැඩි ය. ශ්‍රී ලංකාව සතු ව විදේශ මුදල් සංචිත ඇත්තේ ඩොලර් බිලියන 2කි. 2022 දී ගෙවීමට තිබෙන ණය ඩොලර් බිලියන 7කි. ලබන ජුලිමාසයේ කල් පිරෙන ඩොලර් බිලියන 1ක බැඳුම්කරයකුත් එයට ඇතුළත් ය. ඩි මෙල් පවසන ආකාරයට රට බංකොළොත් වීමට තවත් ඇත්තේ තුන්මසක් හෝ ඊටත් අඩු කාලයකි.

    ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ දුෂ්නි වීරකෝන් පවසන ආකාරයට නිශ්චිත විසඳුම් කිහිපයක් පැහැදිළි ව ප්‍රකාශ කරන ලෙස රජයෙන් කෙරෙන ඉල්ලීම් දැන් වැඩිවෙමින් තිබේ. ඈ පැවසූ අයුරින්, මෙයින් ගැළවීමට වේදනා රහිත මගක් නැති අතර, ආර්ථික තත්ත්වයන් යහපත් වීමට පෙර වේදනා දැඩි වනු ඇත.

    ඇය පවසන ආකාරයට මේ සියල්ලේ ආරම්භය රජයේ ප්‍රාග්ධන වියදම් සඳහා මූල්‍ය වෙළඳ පොළෙන් මුදල් ණයට ගැනීම ය. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ 2007 දී ය. එය දැන් රටේ විදේශ ණයවලින් 38% ක් වන අතර චීනයෙන් ලබාගත් ණය 10% කි. ශ්‍රී ලංකාවේ දුක්ඛිත තත්වයේ බරපතලකම සැලකිල්ලට ගෙන, විදේශ විනිමය පරතරය පියවීම සඳහා මුදල් ලබා ගැනීමට රජයන් අතර කෙරෙන ගණුදෙනු මත කෙරෙහි පමණක් විශ්වාසය තැබීම ප්‍රමාණවත් නොවේ. දැනට තිබෙන හොඳ ම විකල්පය IMF වෙත පිවිසීම වන අතර, ඉන්දියාවෙන් සහ චීනයෙන් මුදල් ලබා ගැනීමට යාම කිසියම් සහනයක් ඇති කරවනු ඇත. ඉන්දියාව ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 400 ගණුදෙනුවක් කිරීමෙන් සහ ඩොලර් මිලියන 500ක් වූ Asian Clearing Union පියවීම කල් දැමීමෙන් පසු සිය ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සලකා බලන ලෙස ශ්‍රී ලංකාව බීජිං සහ නව දිල්ලිය යන දෙඅංශයෙන් ම ඉල්ලා ඇති අතර, චීනය සමග නව ණයක් ගැන සාකච්ඡා කිරීමට ද උත්සාහ කරයි. චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් මුල පිරීමේ කොටසක් වන හම්බන්තොට වරාය, බීජිං හි යටිතල පහසුකම් සැපයීම වැරදී යා හැකිබවට හොඳ ම නිදසුනක් බව පුළුල් ලෙස සැළකේ. වරාය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාව විශාල වශයෙන් ණය ලබා ගත් අතර, එම ණය ගෙවීමට නොහැකි වූ අතර, පසුව ණය සහන සඳහා චීනයට වසර 99ක බද්දකට වරාය ලබා දුන්නේය.

    දැන් ගෝඨාභය අවශ්‍ය නොවන චරිතයකි..

    මේ අවස්ථාව වනවිට, ගෝඨාභය යනු ශ්‍රී ලංකාව එක්සත් කිරීමට අවශ්‍ය නොවන චරිතයකි. කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සහ 2024 හෝ 25 වන තෙක් මැතිවරණ පැවැත්වීමට නියමිත ව නොමැති හෙයින්, විපක්ෂයේ විරෝධතා හේතුවෙන් පවුලේ බලය මත ඇති ග්‍රහණය ලිහිල් කිරීමට අපහසු ය.

    අර්බුදය සමථයකට පත් කරගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කටයුතු කිරීමට පොරොන්දු වෙමින් බදාදා සැන්දෑවෙහි ජාතිය ඇමතූ ඔහු පැවසුවේ, පසුගිය දෙමස තුළ ජනතාවට අත්විඳින්නට සිදු වූ බොහෝ දුක් කම්කටොළු ගැන තමා සංවේදී වන බව ය. එසේ වුව ද, කාලය ගතවෙයි. සාගිනි නැගෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇතිකර ගන්නා ගිවිසුමෙහි ඇති වන කව‌ර ප්‍රමාදය වුව ද පියවරකින් රට බංකොලොත් භාවයට සමීප කරවයි. ශ්‍රී ලංකාව එවන් මගක යැවීමට කිසිවෙකුත් කැමති නැත.

    -2022 මාර්තු 18 දා වොෂින්ටන් පෝස්ට් හි පළ වූ රුත් පොලාර්ඩ් සහ බ්ලූම්බර්ග් ලියූ How Four Powerful Brothers Broke an Island Nation නම් විග්‍රහය ලංකා ඊ නිව්ස් වෙනුවෙන් සිංහලට නැගුවේ,

    -කුඩගම්මන සීලරතන හිමි

    රාවණා සටහන

    ජාත්‍යන්තර පුවත් එසේ වාර්තා කලද, මෙරට ගොඩ නැගීමට අවශ්‍යතාවක් තිබේ නම් මෙරට ගොඩ නැගීමටද ඔවුන්ට තවමත් කාලය තිබේ. ඒ සදහා අවශ්‍ය බුද්ධිය යෙදවිය යුතුය. අප දකිනා විශාලතම දුර්වලතාවය නම් බොහෝ නිලධාරීන් මෙන්ම සමහර අමාත්‍යවරු තමන් අවංක බව පෙන්වමින් ජානාධිපතිවරයා නොමග යවන බවයි. එසේම ව්‍යාපාර කර තම මඩිය තර ගැනීමට , කොන්ත්‍රාත් වලින් සහ වෙනත් ව්‍යාපාර වලින් කොමිස් ගැනීමේ පරමාර්ථයෙන් සිටින සියලු දෙනා ඉවත් කර මානව වාදී දැක්මක් ස්ථාපනය කිරීමෙන්, සමාජවේදීන්ගේ උපදේශ මත මෙරට තිබෙන තත්වයෙන් ගොඩ නැගීමට මේ සියලුම දෙනාට හැකියාව තිබේ. අපගේ ඉල්ලීම සහ බලාපොරොත්තුව ද පසු ගිය සියල්ලම අමතක කර නැවත රට ගොඩනැගිය හැකි මාර්ග සදහා සමාජ විද්‍යාඥයන්ගෙන් යුත් මණ්ඩලයක් පත් කර ඔවුන්ට මූලිකත්වය ලබා දෙමින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර ජනාධිපතිවරයා විසින් ඔවුන් සමාග සෘජුවම සම්බන්ධ වෙමින් ඉදිරි කටයුතු සැලසුම් කරන ලෙසයි. එය මනාව කල හැකිය. ඒ සදහා යම් උපදේශයක් අවශ්‍ය වන්නේ නම් අපද එය නොපිරිහෙලා ඉටු කරන්නෙමු. තැන් තැන් වල විකාර කතා කියමින්, අතීතයට බැන වදිමින් මේ ප්‍රශ්නයට විසදුම් සෙවීම වෙනුවට රට තව දුරටත් ගිනි තබන පක්ෂ විපක්ෂ බලවේගවලට නොපෙනෙන බොහෝ දුරක් තිබේ. අප පෙළගැසිය යුත්තේ අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුක රජයට රට ආරක්ෂා කරගනිමින් ඉදිරි දැක්මක් සැකසීම සදහා අවශ්‍ය ඕනෑම උපකාරයක් කිරීමටයි.

    විශේෂ සටහන

    මහා ජන කැළඹීමක් විය හැකිය. ජනතාව කැළඹීමට ලක් කරන විපක්ෂ මැතිවරණ ප්‍රචාරක කටයුතු නවත්වන්න.

    ශ්‍රී ලංකාව තුල මේ වන විට නිර්මාණය වී තිබෙන දැවැන්ත අර්බුද වල ප්‍රතිපලයක් ලෙස සමාජ, ආර්ථික සහ දේශපාලන මෙන්ම පාරිසරික වශයෙන්ද පිරිහෙමින් පවතින බව නොරහසකි. මේ සියල්ලම යහමින් පවත්වාගෙන යාම සදහා අවශ්‍ය ආගමික ඇදහිලිද, විශ්වාස ද ජනතාව විසින් මෙන්ම පාලක පන්තීන්ද පසෙකට විසි කර දමා තිබීමෙන් අර්බුධ තව තවත් වැඩි ජනතාව පාලනයෙන් ගිලිහී යමින් සිටිති.

    විවිධ අණ පනත් මගින් ජනතාව හිර කර තිබීම නිසා ජනතාවට තම යුක්තිය ඉටු කර ගැනීමට නොහැකිව තිබේ. ජනතාව හිර වී තිබෙන ප්‍රධානතම ගැටලුව වන්නේ බැංකු සහ වෙනත් මූල්‍ය ආයතනවලට ගෙවීමට තිබෙන ණය මුදල් ගෙවීමට නොහැකි වීමයි. ඒ අතරම සීග්‍රයෙන් ඉහල යන භාණ්ඩ මිලද සමග අහාර මෙන්ම රැකියා අහිමි වීම් නිසා තව තවත් ප්‍රශ්න උග්‍ර වෙමින් තිබේ.

    මේ ගැටලුකාරී තත්වය ඇති වන්නේ අද ඊයේ සිට නොවේ . කාලාන්තරයක් තිස්සේ පවතින ගැටළු මෙන්ම මානව හිතවාදී අනාගත දැක්මක් නොතිබූ පාලකයන්ගේ දුර්වල පාලනයන් නිසා ඇති වූ ගැටළු වේ. එසේම මේ තත්වය තේරුම් ගෙන ජනතාවාදී ලෙස ගැටළු විසදිය යුතුව තිබේ. එසේ නොමැතිව විපක්ෂ බලවේග දේශපාලන අරමුණු වලට ජනතාව මෙහෙයවීමෙන් ප්‍රශ්නය තව තවත් උග්‍රවනු ඇත. එයින් ජනතාව අමු අමුවේම අමාරුවේ වැටෙනු ඇත. එපමනක් නොව ජනතාව සාමුහික ප්‍රචණ්ඩත්වයට යොමුකර මැතිවරණ ප්‍රචරක කටයුතු කිරීමෙන් රජයට සිදු වන්නේ නීතිමය ලෙස හෝ අවිනීතිමය ලෙස ජනතාව මර්ධනය කිරීමටයි. එයින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය වැළලී යනු ඇත.

    එබැවින් අප විපක්ෂ බලවේග වලින් ඉල්ලා සිටින්නේ, ජනතාව සාමුහිකව ගෙන ප්‍රචණ්ඩව හැසිරීමෙන් වලකින්න.  සිදු කරන උද්ඝෝෂණ ආණ්ඩු පෙරලීමට හෝ මැතිවරණ ඉලක්ක කරගෙන නොව, ප්‍රචණ්ඩත්වයෙන් තොරව සැබෑ ලෙසම රජයට දැනෙන නිර්මාණාත්මක උද්ඝෝෂණ පමණක් සිදු කරන්න. එසේ නොමැතිව විපක්ෂ බලවේග වල වෛරී සහගත හැසිරීමෙන් ජනතාවට සෙතක් නොලැබෙන බව මෙන්ම පවතින නීති අනපනත් වලින් ජනතාව තව දුරටත් පීඩා විදින බව තේරුම් ගෙන වැඩ කරන ලෙස සියලු විපක්ෂ බලවේග වලින් ඉල්ලා සිටිමු .

    ඉහත පුවත උපුටා ගැනීම පහත ලින්ක් එකෙනි.

    https://www.facebook.com/1619662474960466/posts/3079066882353344/?sfnsn=mo

    https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.colomboxnews.com%2F2022%2F03%2F22%2F%25e0%25b6%25b6%25e0%25b6%25bd%25e0%25b7%2583%25e0%25b6%25b8%25e0%25b7%258a%25e0%25b6%25b4%25e0%25b6%25b1%25e0%25b7%258a%25e0%25b6%25b1-%25e0%25b7%2583%25e0%25b7%259c%25e0%25b7%2584%25e0%25b7%259c%25e0%25b6%25ba%25e0%25b7%2594%25e0%25b6%25bb%25e0%25b6%25b1%25e0%25b7%258a-%25e0%25b7%2583%25e0%25b7%2592%25e0%25b7%2580%25e0%25b7%258a%2F%3Ffbclid%3DIwAR34-ypc6UHvCaYZFWHi0UiTHJcr2LczsJ1j8bNEi_tsKhrA3f7GCpz8inM&h=AT2VnaV_tKL4mxQiLi9rRh6NeeAug-4s1cToHXcCTWQK73Ww-R3INTdaG0zjmqou9TkDPFLnBHupqMm4r4HP5OqXJRNlmr3hSV_Lwlr10ly4xyfQTP4kJt7N3GDgwcuIvrw-&tn=H-R&c[0]=AT0ZSCQrl9hjJarlzLmyt_LYzzKXwgt4rSVEWCIzNuzeK7hBgWwPPrz_qwpW5oAMothVZxjTAil2HLOFTNF4Lfu9iXc_eSuE6_eQojer84cKnooF9inPYT7blerl3kkDd5snkU9qFaSjO8BSKDZ6wECnit_PL5XnNJWxpz0n0tt1kiE

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version