සබරගමුව පළාතේ පාසල්වල අනිද්දා පැවැත්වීමට නියමිත 2023 වාර අවසන් විභාගයේ 10 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂාව දෙවන කොටස බව පැවසෙන ප්‍රශ්න පත්‍රයක් මේ වනවිට සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි චන්ද්‍රකුමාර කියා සිටියේ පිටවී ඇති ප්‍රශ්න පත්‍රය නිවැරදි එකක්ද යන්න සම්බන්ධයෙන් නිරීක්ෂණය කර ඉදිරි පියවර ගන්නා බවයි.














































