English
සිංහල
15:36 සෙනසුරාදා, අගෝස්තු 9, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ජනාධිපති වෙන්න හිතන් ඉන්න දිලිතුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා.

    NN. Niluka by NN. Niluka
    1 වසරක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    දෙරණ නාලිකාවේ හිමිකරු වන දිලිත් ජයවිර ඇතුළු රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) නිලධාරීව සිටි එම්.ඩී.එස් ඇන්ටන් පෙරේරා මහතාගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා තීන්දු කර තිබෙන බව ColomboXnews වාර්තා කර තිබේ.


    එම තීන්දුව ලබා දී ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව තම විනය බලධාරියා ලෙස තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කරමින් දිගින් දිගටම තමන්ට අඩන්තේට්ටම් සිදු කරමින් රැකියාවෙන් මාරු කිරීම්, විනය පරීක්ෂණ ආදියට එරෙහිව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) නිලධාරීව සිටි එම්.ඩී.එස් ඇන්ටන් පෙරේරා විසින් ගොනු කළ පෙත්සමකට අදාළවය.


    එම්.ඩී.එස් ඇන්ටන් පෙරේරා මහතා මීට පෙර සේවය කල ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී ලෙස තම නිල මුද්‍රාව හා නිල නාමය භාවිතා කරමින් රජයේ දේපළ අභාවිත කළ බවට සඳහන් කරමින් ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක් ලබාදී ඔහු 2020 පෙබරවාරි 06 දින සිට විනය පරීක්ෂණයකට යටත්ව විශ්‍රාම වැටුප අත්හිටුවා විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 12 වගන්තිය අනුව සේවය අත්හිටුවා ඇත.


    ඊට හේතු වී ඇත්තේ ශාලාව යුධ හමුදා කඳවුර පිපිරීමට අදාල හානි තක්සේරු වැරදි ලෙස සිදු කිරීම සමිබන්ධයෙන් වන ආනාවරණයක් මත ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී ලෙස සිටියදී එම්.ඩී.එස්. ඇන්ටන් පෙරේරා විසින් ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම විමර්ශනවලට අදාල සාක්ෂි සපයා ගැනීම සඳහා විධිමත් ලෙස ‍තොරතුරු දැනගැනීමේ පනත යටතේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ හා සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරීන්ගෙන් තොරතුරු ඉල්ලා තිබීමයි. එහිදී තම නිල නාමය නිල මුද්‍රාව භාවිතා කිරීම මත මෙම සේවය අත්හිටුවා තිබේ.


    ඉහත චෝදනා පත්‍රය මත විධිමත් විනය පරීක්ෂණයක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යොදවා පැවැත්වීමට ද රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉන්පසුව කටයුතු කර ඇත. එහිදී ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී ලෙස තම නිල මුද්‍රාව හා නිල නාමය තොරතුරු දැනගැනීම සඳහා භාවිතා කරීම තුළින් එම්.ඩී.එස් ඇන්ටන් පෙරේරා විනය කඩකර නැති බවට තීන්දුකර ඔහු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලදි.


    කෙසේ වෙතත් එම තීන්දුව නොතකා රාජ්‍ය සේවා කොමිසම විසින් ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී ලෙස කටයුතු කළ එම්.ඩී.එස් ඇන්ටන් පෙරේරා වැරදිකරු බව තීරණය කොට ඔහුගේ විශ්‍රාම වැටුපෙන් 2%ක මුදල් කපා දැමීමටද තින්දු කරන ලදි. මේ වනවිට එම්.ඩී.එස් ඇන්ටන් පෙරේරා මහතා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ සිට ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) නිලධාරී ලෙස ස්ථාන මාරුවීම් ලැබ තිබුනි.


    මේ අතර ඇන්ටන් පෙරේරා මහතා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) නිලධාරී ලෙස සිටියදී ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ මහ ලේකම් ඩබ්ලිව්.ඩී ජයසිංහට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කරන ලදි. කෙසේ වෙතත් මෙම පැමිණිල්ල විභාග කරනවා වෙනුවට වහාම රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඇන්ටන් පෙරේරා මහතාව වැඩ රාජකාරි පැවරීමකින් තොරව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ස්ථාන මාරුකර යවන ලදි.


    එම ස්ථාන මාරුකිරීමට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ නඩුවකදී තනතුරක් නොදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ස්ථානමාරු කිරීම අවලංගු කර සුදුසු ස්ථානයක් ලබා දීමෙන් පසු නඩුව අවසන් විය.


    ඉන් පසුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව නැවත වරක් අල්ලස් කොමිසමට පැමිණිලි කිරීම මත ඇන්ටන් පෙරේරා මහතාට චෝදනා පත්‍රයක් ලබා දී ඇත. මේ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරී එම්.ඩී.එස් ඇන්ටන් පෙරේරා විසින් අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ මූල මණ්ඩලයටද කර ඇති පැමිණිල්ලක් අනුව, අල්ලස් කොමිසමට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් ලබා දීම නීතිවිරෝධී අත්තනෝමතික වැරදි තීරණයක් කියලා අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ මූල මණ්ඩලය විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට එරෙහිව වාර්තාවක්ද නිකුත් කරතිබිනි. එම වාර්තාවෙන් ඇන්ටන් පෙරේරාට වන්දි ගෙවීමටද නියෝග කරන ලදි.


    එහෙත් දිලිත් ජයවීර ඇතුළු රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙම වාර්තාවද මායිම් නොකරමින් ඔහුට එරෙහිව දිගින් දිගටම පරීක්ෂණ පවත්වා ඇත.


    මෙම තත්ත්වය හමුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීම සහ තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලිම පදනම් කෙරගන ඔහුට ලබා දී තිබූ චෝදනා පත්‍ර තුළින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි සඳහන් කරමින් ඇන්ටන් පෙරේරා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක ගොනු කර තිබේ.
    ඒ අනුව එම පෙත්සම විභාග කල ශ්‍රේෂ්ඨාධිකරණය රාජ්‍ය සේවා කොමිසම කටයුතු කර ඇති ආකාරය වැදි බවටත් පැමිණිලි කරු වන ඇන්ටන් පෙරේරාට කෙසේ හෝ දඬුවමක් දීමේ බලාපොරොත්තුවෙන් රාජ්‍ය සේවා කොමිසම කටයුතු කර ඇති බවටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 1 ව්‍යවස්ථාව අනුව සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් විසින් කඩ කර ඇති බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලදි.


    මෙම මූලික අයිතිවාසිකම් කඩ කළ පිරිස අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රාජ්‍ය සේවා කොමිසට පත්කරන ලද ඔහුගේ ගජ මිතුරෙකු වන දෙරණ නාලිකාවේ අධිපති දිලිත් ජයවීර ඇතුළු කොමිෂන් සභාවේ සාමාජිකයන්, අනුප්‍රාප්තිකයන් සහ එහි ලේකම් ඇතුළු 19 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කර පිරිස අතර සිටී.


    ඇන්ටන් පෙරේරා මහතාගේ මුලික අයිතිවාසිකම් කඩකල බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කර ඇති අතර එම පිරිස පහතින් දැක්වේ.


    01 – ධර්මසේන දිසානායක – සභාපති
    01 A – ජගත් බාලපටබැඳි – සභාපති
    02 – මහාචාර්ය හුසෙයින් ඉස්මයිල් – සාමාජික
    02 A – ඉන්ද්‍රානි සුගතදාස – සාමාජිත
    03 – ආචාර්ය ප්‍රතාප් රාමානුජම් – සාමාජික
    03 A – වී. ශිවඥානසෝති – සාමාජක
    04 – වී. ජෙගරාසාසිංහම් – සාමාජික
    04 A – ආචාර්ය ටී.ආර්.සී රුබේරු – සාමාජික
    05 – එස්. රනුග්ගේ – සාමාජික
    05 A – අහමඩ් ලෙබ්බේ මොහොමඩ් සලීම් – සාමාජික
    06 – ඩී. ලක්සිරි මෙන්ඩිස් – සාමාජික
    06 A – ලීලසේන ලියනගමගේ – සාමාජික
    07 – සරත් ජයතිලක – සාමාජික
    07 A – ඩයන් ගෝමස් – සාමාජික
    08 – සුධර්මා කරුණාරත්න – සාමාජික
    08 A – දිලිත් ජයවීර – සාමාජික
    09 – ජී.එස්.ඒ ද සිල්වා පී.සී – සාමාජික
    09 A – ඩබ්ලිව්.එච් පියදාස – සාමාජික
    10 – එම්.ඒ.බී දයා සෙනරත් – ලේකම්

    මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් තහවුරු වන්නේ මේ දිනවල වල ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවට ප්‍රකාශ කරමින් රටපුරා ජනතාව ආමන්ත්‍රණය කරමින් යන මෙම දිලිත් ජයවිර යනු මුලික මිනිස් අයිතිවාසිකම් කඩකල පුද්ගයෙකු ලෙස අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු ලෙස නම් කරන ලද පුද්ගලයෙකු බවයි.


    පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ බලයටගෙනඒම සදහා කැළණි ගං පතුලෙන් නාගයෙකු මතුවීම, වද කොත්තු, වද ඇදුම්, දොස්තර ෂාෆිට එරෙහි අභුත චෝදනා නැගීම වැනි විවිධ මිත්‍යාවන් සමාජගත කරමින් තම රූපවාහිනී නාලිකාව හරහා විශාල කාර්යභාරයක් ඉටුකරන ලදි. දිලිත් ජයවීර ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේ විවිධ වරදාන වරප්‍රසාද ලබාගන්නා ලදි. කොරෝනා ව්‍යසනය හමුවේ විදේශගත ශ්‍රමිකයින් නිරෝධානයට මුවාවෙමින් තම හෝටල් වලට රුපියල් ලක්ෂ ගණනින් අයකරමින් සති දෙකක කාලයක් ඔවුන් නිරෝධානය කිරිම සදහා රදවාගන්නා ලදි. ඊට අමතර ඇන්ට්‍රිජන වංචාව හරහා විශාල ධනයක් රැස්කරගැනිමට ඔහු ක්‍රියාකල බව මේ වනවිට රහසක් නොවේ. තවද ධම්මික පැණිය වැනි මිත්‍යාවන් සමාජගත කරමින් කොරෝනා වසන්තය හමුවේ රට ව්‍යාකූල කිරීමටද තම නාලිකාව හරහා විශාල ලෙස මැදිහත්වෙන ලදි.


    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවීමෙන් පසු රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙකු ලෙස දිලිත් ජයවීර පත්කරන ලද්දේ ද තමන්ට ජනාධිපතිවීමට කරන ලද සේවය වෙනුවෙන් කෘතෝපකාරයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසිනි විසිනි. මේ අනුව එම රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකත්වය උපයෝගිකර ගනිමින් රාජ්‍ය සේවකයින්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමට දිලිත් ජයවිර සෘජුවම සම්බන්ද වි කටයුතු කර තිබෙන බව මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් කදිමට පැහැදිලි වේ.
    දිලිත් ජයවිර ‘මුලික මිනිස් අයිතිවාසිකම්‘ කඩකරලා – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි..! දිලිත් ජයවිර ඇතුළු රාජ්‍ය සේවා කොමිසමේ පුද්ගලයින් 19 දෙනෙකු වැරදිකරුවන් වෙයි… නඩු තීන්දුව මෙන්න 👇👇👇

    https://www.facebook.com/colomboxnews/posts/pfbid023QELzSCw9K9nj3ixfZxRkVUrcFvqSJC9cgJCAPJzZ5ki6ji8aJT4utkYZaWbASSVl?cft

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version