නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පේදුරුතුඩුව සහ කන්කසන්තුරේ මුහුදු සීමාවේදී ඊයේ රාත්‍රී අදාළ ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
එහිදී ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා තුනක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රා කන්කසන්තුරේ ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදුන් බවට නාවික හමුදාව පවසා තිබේ.














































