උතුරු කොරියාව විසින් පියොන්ග් යැංග් සිට නැගෙනහිර මුහුද දෙසට කෙටි දුර බැලැස්ටික් මිසයිල කිහිපයක් දියත් කර ඇති බව වාර්තා වේ.
දකුණු කොරියාවේ සෝල් නුවර වෙත අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පැමිණීමත් සමග එම මිසයිල ප්‍රහාර දියත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සෝල් නුවර පැවැත්වෙන සමුළුවක් සඳහා සහභාගී වීමට නියමිත බව සදහන්.
කෙසේවෙතත් උතුරු කොරියාව දියත් කරනු ලබන මිසයිල සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බවට දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසා ඇත.















































