රටේ වගකීම බාරගන්න ඕනි පාර්ලිමේන්තුවේ විපක්ෂවල නායකයෝ බව හිටපු අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදී.
මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් අසමින් ” ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂනායකතුමා හෝ අනුර කුමාර දිසානායක මහතා වර්තමාන තත්වයෙන් ශ්‍රී ලංකාව ගොඩ ගැනීමේ වගකීම භාරගැනීම ප්‍රතික්ෂේප කළා. පාඨලී චම්පික රණවක මහතා එම වගකීම බාරගැනීමට සූදානම්දැයි ” විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා එසේ ප්‍රකාශ කරන ලදී.
එහිදී ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කලේ චම්පික රණවක මැතිතුමා පක්ෂයක නායකයෙන් නොවන නමුත් ජාතික නායකයෙක් බවත් එම විපක්ෂ කණ්ඩායම් කැමති නම් මේ ගලවා ගැනීමේ මෙහෙයුමේ වගකීම බාරගැනීමට සූදානම් බවයි.