ජන අරගලයේ ඉල්ලීම් මොනවාද යන්න මේ වන විට ප්‍රකාශව තිබේ. ඔවුන්ගේ ඉල්ලීම් 5 කි. ඒවා නම්
- ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉවත් විය යුතුය.
- රාජපක්ෂ පවුලේ කිසිවෙකුටවත් පාර්ලිමේන්තුව තුල තනතුරු ලබා නොදිය යුතුය.
- 19 වන සංශෝධනය නැවත බලාත්මක කොට මාස 06 ක් සදහා අනතර් කාලීන ආණ්ඩුවක් පිහිටුවා අත්‍යාවශ්‍ය සේවාවන්, අර්බුදයට ලක්ව ඇති විශේෂ ක්ෂේත්‍රයන් යතා තත්වයට පත් කිරීම . ( සෞඛ්‍ය , අධ්‍යාපනය වැනි දේ)
- රාජපක්ෂ පවුලේ දූෂිත සාමාජිකයන්, දූෂිත දේශපාලකයන් සහ දූෂණය සහ අක්‍රමිකතා හා සම්බන්ධ නිලධාරීන් ඇතුළු සියලු දෙනා විසින් සොරාකන ලද සියලු මුදල්, දේපල, ආදිය නැවත ලබා ගැනීම සදහා වූ ක්‍රමවේදයක් සැකසීමටත්, ක්‍රියාවේ යෙදවීමටත්, ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අනතර්කාලීන ආණ්ඩුව ක්‍රියා කල යුතුය.
- මාස 06 ක් ඇතුලත පාර්ලිමේන්තු මැතිවරණයක් සහ ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීම.
මෙම ඉල්ලිම් දිනා ගන්න තෙක් අරගලය අතහැරීම සදහා සූදානම් නැත.
ලෙස අදාල පුවරු වල සදහන් වේ.
ඒ අනුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තරුණ ප්‍රජාවන් සමග සාකච්චාවට සූදානම් වුවද, අරගල බිමෙන් කුමන ප්‍රතිචාරයක් ලැබේවිද යන්න තවමත් නිල නිවේදනයක් නිකුත් කර නැත.














































