නව අමාත්‍ය මණ්ඩලයේ පළමු රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. පසුගිය 18 වන දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන ලදී.
එමෙන්ම, නව අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන හා විෂය පථයන් ගැසට් නිවේදනයක් මගින් නිකුත් කිරීමටද නියමිතව තිබේ.
මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළ යුතු බවට වන කැබිනට් පත්‍රිකාවක් අග්‍රාමාත්‍යවරයා විසින් අද අමාත්‍ය මණ්ඩලයට අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
පසුගිය පාර්ලිමේන්තු සතියේ දී ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ සමගි ජන බලවේගය විසින් ද කථානායකවරයා වෙත භාර දුන් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන කෙටුම්පත් යෝජනා දෙක ද අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන සදහන් කරන ලදී.
ඒ අනුව ඉදිරියේ දී ගෙන ඒමට නියමිත 21 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත ඉදිරියේ දී නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
කෙසේ වුවත් පවතින සමාජ, ආර්ථික මෙන්ම දේශපාලන අරගල තුල මොහොතින් මොහොත වෙනස්ම පුවත් නිර්මාණය වෙමින් තිබේ. සියල්ලම තම තමන්ගේ වාසියට වෙනස් කරමින්, වෙනස් වෙමින් පවතින බැවින් පවතින ගැටලුකාරී තත්වය හමුවේ වාර්තා වන බොහෝ දේ වාර්තා වනුයේ “ඕපදූප” ආකාරයෙනි.













































