.
හෙට (28) ලංකාව පුරාම විවිධ උද්ඝෝශන පැවැත්වෙන බව අප වෙත වාර්තා වෙයි. විවිධ සංවිධාන මෙන්ම වෘත්තීය සමිති මෙන්ම විශ්ව විද්‍යාල තරුණ තරුණියන් මෙසේ විවිධ ස්ථාන වල උද්ඝෝෂණ සංවිධානය කර තිබේ. එසේම බොහෝ රාජ්‍ය ආයතනද හෙට අකර්මණ්‍ය විය හැකි බව අපට ලැබෙන තොරතුරුවලින් පෙනී යයි.
එසේම ලබන මස 06 වැනිදා ලංකාව පුරාම හර්තාල් ව්‍යාපාරයක්ද පැවැත්වීමට සංවිධානය වෙමින් තිබේ. පවතින ප්‍රශ්නවලට විසදුම් ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනවලට යාමට ද රාජ්‍ය සේවකයන් සැලසුම් කරමින් සිටිති.














































