අද ලංකාව පුරාම පවතින රාජ්‍ය සේවක වැඩ වර්ජණය සඳහා බොහෝ පෞද්ගලික අංශද සහාය දක්වා තිබිණි. බොහෝ නගර වල කඩ සාප්පු වස දමමින් ජනශුන්‍ය වෙද්දී අනුරාධපුර සහ මාතර නගරවලටද ජන ගඟක් සහභාගි වෙමින් විරෝද්තාවල නියැලිනි. ඒ අතර යාපනය නගරයද ජනශුන්‍ය බව වාර්තා වේ.
අපගේ මාතර සහ අනුරාධපුර වාර්තාකරුවන් අප වෙත ඒවා තිබෙන දර්ශනවලට අනුව එම නගර වල පැවැත්වෙන උද්ඝෝෂණ සඳහා දැවැන්ත ජනතාවක් සහභාගිව සිටියි.
ඒ අතර ගාලු මුවදොර පිටියෙහි සිටින අප වාර්තාකරු පවසන්නේ පාට කොඩි, පක්ෂ කොඩි වලින් තොරව සිංහ කොඩි අතින් ගත් දැවැන්ත ජනතාවක් අරගල පිටියට පැමිණ සිටින බවයි.
















































