රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාව අතර වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් තුන්දෙනා ලබන මැයි මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදී ඇත්තේ.
මේ අතර වෙඩි තැබීමට අණදුන් කෑගල්ල කොට්ඨාශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස් බී කීර්තිරත්න ද ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.















































