“යුක්තිය වෙනුවෙන් පිෂාචයෝ” නමින් නම් කරන ලද නිර්පාක්ෂික අරගලකරුවන්ගේ රජයට විරුද්ධව සිදු කරනු ලබන දීර්ඝතම පා ගමන අද උදෑසන ඇඹිලිපිටියෙන් ආරම්භ විය.
අද උදෑසන ඇඹිලිපිටිය නගරයේදී ආගමික වතාවත්වලට සහභාගිවීමෙන් අනතුරුව ආගමික ආශීර්වාදය මැද හේවිසි කණ්ඩායම් සමගින් ගමන් ආරම්භ කල අතර අද හවස 6 පමණ වන විට පල්ලෙබැද්ද නගරයට පැමිණ තිබේ.
පල්ලෙබැද්ද නගරයෙන් අද පා ගමන අවසන් කර තිබෙන අතර හෙට පල්ලෙබැද්ද නගරයේ සිට පැල්මඩුල්ල දක්වා ගමන් කිරීමට නියමිතව ඇති බව සදහන් වේ.
මේ මස 08 වැනිදාට ඔවුන් ගාලු මුවදොර පිහිටි ගෝඨා ගෝ ගමට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
















































