English
සිංහල
22:35 බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ස්වයංක්‍රීය ගිනි අවි පොලීසියෙන් ඉවත් කළ යුතුයි .!පිරිසක් විසුරුවා හැරීම සඳහා පොලිසියට ස්වයංක්‍රීය ගිනි අවි භාවිතා කිරීමට නෛතික ප්‍රතිපාදන නැහැ..!

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    පසුගිය අප්‍රේල් මස 19 දින රඹුක්කන නගරයේදී මහජන විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලිසිය ගත් ක්‍රියාමාර්ග යෙදී පොලිස් වෙඩි පහරට ලක්ව අවාසනාවන්ත ලෙස එක් පුද්ගලයෙකු මියගිය අතර තවත් කිහිප දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා. එම සිද්ධියේ බොහෝ වීඩියෝ දර්ශන සමාජ ජාල වෙබ් අඩවිවල දක්නට ලැබුණා. පොලීසිය කවරක් කිව්වද එම සිදුවීමේ දර්ශන නරඹන විට එතැන සිදු වූ සැබෑ සිදුවීම වටහා ගැනීම එතරම් අපහසු වන්නේ නැහැ .දින ගණනක් ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ සිටි පුද්ගලයන්ට එකවරම මධ්‍යම රාත්‍රියේ සිට විශාල වශයෙන් ඉන්ධන මිල ඉහළ දැමූ බව දැන ගන්නට ලැබුනා.ඒ සමගින් ඉන්ධන හල වෙත ළඟාවූ ඉන්ධන බවුසර වලින් ගෙනෙන ලද ඉන්ධන පැරණි මිලට ලබා දෙන ලෙස ඒ වන විටත් පෝලිමේ සිටි විශාල පිරිසක් විසින් ඉල්ලා සිටියා. නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම තුළ එම පිරිස මාර්ග අවහිර කරමින් විශාල විරෝධතා ව්‍යාපාරයක් පටන් ගත්තා. රමුක්කන පමණක් නොව ලංකාවේ බොහෝ නගරවල එදින ක්ෂණිකව මෙවන් විරෝධතා ව්‍යාපාර ඇතිවුණා. සමහර ප්‍රදේශ වල පොලිසිය මැදිහත්ව පැරණි මිලට ,එම ඉන්ධන හල් වල ඒ වන විටත් තිබූ ඉන්ධන ලබා දීමට කටයුතු කළ බව ද වාර්තා වුණා. නමුත් රඹුක්කන සිදුවූයේ මීට වඩා වෙනස් ක්‍රියාවලියක්. විරෝධතාකරුවන් රඹුක්කනට ප්‍රවේශ වීමට ඇති සියලු මාර්ග අවහිර කළ අතර කොළඹ නුවර දුම්රිය මාර්ගය ද අවහිර කලා.කොළඹ බලා යන දුම්රිය මධ්‍යම රාත්‍රිය පමණ වනතුරු කඩුගන්නාව දුම්රිය පොලේ නවතා තැබීමට සිදු වුණා. එහිදී ප්‍රදේශවාසී මුස්ලිම් ජනතාව සිය රාමසාන් උපවාස කාලය තුළ වුවද එය නොතකා සියලු දුම්රිය මගීන්ට සිය නිවෙස්වලින් ආහාරපාන සකසා නොමිලේ ලබා දීම ශ්‍රී ලාංකිකයන්ගේ සහෝදර බැඳීම තහවුරු කිරීමක් වුණා .

    පොලීසිය මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය විසුරුවා හැරීමට කටයුතු කළා මෙහිදී පොලීසිය විසින් පිරිස පලවා හැරීම සඳහා කඳුළුගෑස් භාවිතා කරනවාට අමතරව ස්වයංක්‍රීය ගිනි අවි වලින් එම පිරිසට වෙඩි තබනු දක්නට ලැබුණා. පොලිසිය මෙහිදී ප්‍රකාශ කළේ පිරිසක් ඉන්ධන බවුසරය ට සහ ඉන්ධනහලට ගිනි තැබීමට තැත් කිරීම නිසා එමගින් සිදුවිය හැකිව තිබූ ජීවිත සහ දේපල හානි වළක්වා ගැනීම සඳහා තමන් එම පිරිස විසුරුවා හැරීමට වෙඩි තබන ලද බවයි. නමුත් සමාජ මාධ්‍ය වලින් ප්‍රචාරය වූ වීඩියෝ දර්ශනවලින් දැක්කේ මීට හාත්පසින්ම වෙනස් දෙයක්. යම්කිසි පුද්ගලයකු ඉන්ධනහලට ගිනිතබා තිබුනත් උද්ඝෝෂකයන් පිරිස කොහාම එතනට පැමිණ එම ගින්න නිවා දැමුවා .එසේම සිදුවීම ඇති වූ ස්ථානයෙන් තරමක් ඈතින් තිබූ ත්‍රීරෝද රථයකට කිසියම් අයෙකු ගිනි තබා තිබුණා .එම ගින්න තබන ලද්දේ පොලිසිය විසින් බවට කෑගසමින් අයෙකු එතැන සිට ප්‍රකාශ කරන අයුරු සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල ප්‍රචාරය වුණා ඉන්පසුව ජනමාධ්‍ය මගින් දක්නට ලැබුණේ එක් ඉන්ධන බවුසරයක ඉදිරිපසින් කුඩා ගින්නක් ඇවිලෙන ආකාරයත් යම්කිසි පුද්ගලයෙක් එතනට ගොස් ගිනි ගනිමින් තිබූ යම් දෙයක් එතැනින් ඉවතට ඇද වීසි කරන ආකාරයයි .නමුත් පොලීසිය මෙම ගින්න නිවා දැමීමට කිසිදු උත්සාහයක් නොගෙන පසුපස සිට බලා සිටින ආකාරයක් දක්නට ලැබුණා. වැදගත්ම දෙය වන්නේ මෙම ගින්න ඇති වූ බව පෙනී යන්නේ පොලීසිය විසින් පිරිස විසුරුවා හැරීම සිදු කළ පසුව වීමයි.
    කෙසේ වෙතත් පොලීසිය සඳහන් කරනු ලැබුවේ දණ්ඩ නීති සංග්‍රහයේ 89 සිට 99 දක්වා වන වගන්ති , “එනම් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ” සඳහා ලබාදී ඇති නෛතික ප්‍රතිපාදන මත පුද්ගල හා දේපළ හානි වළක්වා ගැනීම පිණිස තමන් ක්‍රියා කළ බවයි.දේපළ සහ ජීවිත හානි වළක්වා ගැනීම සඳහා සද්භාවයෙන් කරන ලද ඕනෑම ක්‍රියාවක් වරදක් නොවන බව එම වගන්ති වල සඳහන් වනවා. රඹුක්කන සිදුවීමේදී ඉන්ධන බවුසරයට සහ ඉන්ධනහලට ගිනි තැබීමට උද්ඝෝෂකයන් උත්සාහ කළ බවත් තමන් එය වැළැක්වීම සඳහා උක්ත සදහන් ප්‍රතිපාදන අනුව ක්‍රියා කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මාධ්‍යයට ප්‍රකාශ කරනු ලැබුවා .නමුත් එම ප්‍රකාශය මෙම තත්වය යටතේ නීතිඥවරුන්ගේ තර්ක විතර්ක මැද අධිකරණය ඉදිරියේ ඔවුන් තහවුරු කරන අයුරු නිරීක්ෂණය කිරීම ඉතා වැදගත් වනවා.

    කෙසේ වෙතත් පොලිසිය විසින් මෙහිදී සිදු කරන ලද්දේ නිරායුධ උද්ඝෝෂකයින් පිරිසක් විසුරුවා හැරීමට ක්‍රියා කිරීමයි. දණ්ඩ නීති සංග්‍රහයේ අට වන පරිච්ඡේදයට අනුව,මහජන සාමයට විරුද්ධ වැරදි ලෙස දක්වා ඇති නීති විරෝධී රැස්වීම් විසුරුවා හැරීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 8 වන පරිච්ඡේදයේ 95 වගන්තිය යටතේ නෛතික ප්‍රතිපාදන සලසා ඇත. ඒ අනුව පුද්ගලයන් පස් දෙනකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් සමන්විත නීති විරෝධී රැස්වීමක් ( දණ්ඩ නීති සංග්‍රහයේ 138 වගන්තියේ දක්වා ඇති සය විධ අවස්ථා වලින් පරිබාහිර කිසිදු රැස්වීමක් නීති විරෝධී රැස්වීමක් නොවන බව මෙහිදී සටහන් කළ යුතුය ) විසුරුවා හැරිය යුතු ආකාරය පියවර වශයෙන් පහත පරිදි එහි දක්වා ඇත.
    95 (1) වගන්තියේ දැක්වෙන්නේ එවන් නීති විරෝධී රැස්වීමක් විසිර යන ලෙස යම් මහේස්ත්‍රාත්වරයෙකුට හෝ පොලිස් පරීක්ෂකවරයෙකුගේ පදවියට නොඅඩු පදවියක් දරන පොලිස් නිලධාරියකුට අන කළ හැකි බවයි.
    95 (2) වගන්තියේ දක්වා ඇත්තේ ,එසේ අණ කිරීමකදී කිරීමකදී එයට අවනත නොවුණහොත් ,හෝ එසේ අණ කර තිබියදී විසිර නොයාමේ අධිෂ්ඨානයක් පෙනෙන ආකාරයෙන් එම රැස්වීමේ කටයුතු කළහොත් එම රැස්වීම විසුරුවා හැරීමට සාධාරණ ලෙස අවශ්‍ය වන යම් බලයක් පාවිච්චි කොට එම රැස්වීම විසුරුවා හැරීම පිණිස ඒ මහේස්ත්‍රාත්වරයා හෝ පොලිස් නිලධාරියා විසින් ක්‍රියාකරනු ලැබිය හැකි බවයි කවද මේ සඳහා විවිධ හමුදාවට අයත් නොවන සිවිල් පුද්ගලයන්ගේ සහයෝගය ද ලබා ගත හැකි බව තවදුරටත් දක්වා තිබෙනවා .
    මෙහිදී සැලකිය යුතු වැදගත්ම කරුණ වන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95 (2) වගන්තියෙ පැති සටහනේ යොදා ඇත්තේ “රැස්වීම විසුරුවා හැරීම සඳහා සිවිල් බලය යෙදීම ” යන්න වීමයි .එනම් එම ප්‍රතිපාදනයේ අභිලාෂය නැත්නම් බලය ලබාදී ඇත්තේ සිවිල් බලය යෙදවීම සඳහා පමණක් වීමයි . මේ අනුව ගිනි අවි භාවිතා නොකර,ජල ප්‍රහාර ,කඳුළු ගෑස් සහ බැටන් පොලු භාවිතාකොට රැස්වීම විසුරුවා හැරීමට මේ යටතේ පොලිසියට බලය තිබෙනවා .නමුත් ආයුධ භාවිතා කරන්න මෙම වගන්තියේ ප්‍රතිපාදන මගින් කිසිවෙකුට අවසර ලබා දී නැහැ .
    නමුත් එම ක්‍රියාමාර්ග වලින් ද පිරිස විසුරුවා හැරීමට නොහැකි නම් 95 (3) වගන්තිය යටතේ , එම රැස්වීම විසුරුවා හැරීම අත්‍යවශ්‍ය නම් පමණක් සන්නද්ධ බලය යොදා ගැනීම පිණිස ත්‍රිවිධ හමුදා අනුඛණ්ඩයක සහය ලබාගැනීම සඳහා දිසාපතිවරයාට මහේස්ත්‍රාත්වරයාට හෝ පොලිස් අධිකාරිවරයෙකු ගේ පදවියට නොඅඩු පදවියක් දරන පොලිස් නිලධාරියකුට හැකියාව ලබා දී තිබෙනවා මෙහිදී පිරිස විසුරුවා හැරීමට සරිලන ප්‍රමාණයට පමණක් හැකිතාක් බලය අඩුවෙන් භාවිතා කිරීමටත් ජීවිත හා දේපළ හානිය අවම වන ආකාරයෙන් කටයුතු කිරීමටත් වගබලා ගත යුතු බවට මෙහි නියම කොට තිබෙනවා.
    මේ අනුව පොලිසියට කිසිදු අවස්ථාවක රැස්වීමක් විසුරුවා හැරීම සඳහා ගිනි අවි භාවිතා කිරීමට නෛතික ප්‍රතිපාදන ලබාදී ලබාදී නැති බව ඉතා පැහැදිලියි .සන්නද්ධ බලය යෙදවීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා යොදාගත යුත්තේ පොලිස් නිලධාරීන් නොව ගිනි අවි භාවිතය පිළිබඳ නිරන්තර පුහුණුව සහිත ත්‍රිවිධ හමුදා සෙබළුන් බව එම ප්‍රතිපාදන වලින් ප්‍රකාශ වනවා .
    නිරායුධ රැස්වීමක් විසුරුවා හැරීමට,ඉහත සඳහන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන මත යොදාගත හැක්කේ සුදුසු අවශ්‍ය ප්‍රමාණයට වන බලයක් මිස පුද්ගල ඝාතනයකින් කෙළවර වන උපරිම බලයක් නොවේ.නිරායුධ පිරිසක් විසුරුවා හැරීම සඳහා අවශ්‍යවන නිරායුධ ක්‍රමවේදයන් පිළිබඳව පොලිස් නිලධාරීන්ට මනා පුහුණුවක් ලැබෙනවා .ඒ අනුව යම් පුද්ගලයෙකු හෝ පිරිසක් පෙට්‍රල් බවුසරයට හෝ ඉන්ධනහලට ගිනි තැබීමට තැත් කළේ නම් ගිනි අවි භාවිතා නොකර ඔවුන් යටත් කර ගැනීමේ හැකියාව මනා ලෙස පුහුණුව ලද පොලිස් නිලධාරීන්ට තිබිය යුතුයි .ත්‍රිවිධ හමුදාව මගින් සන්නද්ධ බලය යෙදවිය යුත්තේ කැරලිකරුවන් ද අවි ආයුධ මගින් පහර දෙන්නේ නම් පමණි.එලෙසම යම්කිසි ඉහළ නිලධාරියකු නීතියට පටහැනි පරිදි වෙඩි තැබීම සඳහා යටත් නිලධාරියකුට නියෝගයක් ලබා දෙන්නේ නම් එය ක්‍රියාත්මක කිරීමට ඔහු බැඳී නොමැති බව රජය එදිරිව විජේසූරිය (ප්‍රේමවතී මනම්පේරි නඩුව ) සහ දෙවන ලෝක යුද්ධ සමයේ නාසි හමුදා සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාර සම්බන්ධ නියුරම්බර්ග් නඩු තීන්දු රාශියකින් ප්‍රකාශ කර තියෙනවා. .
    පොලිස් නිලධාරින් ආරක්ෂක සේවාවන් ඉටුකරන පිරිසක් නොව ,රටේ නීතිය හා සාමය පවත්වාගෙන යෑම පිණිස කටයුතු කළ යුතු පිරිසකි. පොලිස් නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් “සාම නිලධාරීන් ” ලෙස අපරාධ නඩු විධාන සංග්‍රහය , අර්ථ නිරූපණ ආඥා පනත, ,දණ්ඩ නීති සංග්‍රහය ඇතුළු අපේ රටේ නීතියේ පැහැදිලිවම සඳහන් වනවා .එනම් මෙම පුද්ගලයන් විසින් සිදු කළ යුත්තේ ජනතාව සමඟ සුහදව ඒ අයගේ එදිනෙදා ජීවිතයේ ඇතිවන ගැටුම් නිරාකරණය කිරීම සඳහා කටයුතු කිරීමයි එමෙන්ම මාර්ග නීති ඇතුළු අනෙකුත් රටේ ක්‍රියාත්මක නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන බවට වගබලා ගැනීම ඔවුන්ගේ රාජකාරිය වනවා .මේ සඳහා ස්වයංක්‍රීය ගිනි අවිය ලබාදීම කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ ( එසේ වුවහොත් සාම නිලධාරියා යන අර්ථයට ගැනෙන ග්‍රාම නිලධාරීන්ට ද ස්වයංක්‍රීය ගිනි අවි ලබා දීමට නොහැකියාවක් නැහැ ) .ලොව බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේත් පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කොට වෙනත් අමාත්‍යාංශයකට අනුයුක්ත කරන්නේත් මෙම හේතුව නිසාවෙන්මයි.
    එංගලන්තය ද ඇතුළුව ලෝකයේ රටවල් දහ නමයක පොලිස් නිලධාරීන් කිසිදු ආයුධයක් භාවිතා කරන්නේ නැහැ .එම රටවල අවිආයුධ භාවිතාවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ද බෙහෙවින් පහල අගයක් ගන්නවා.තවත් බොහෝ රටවල පොලිස් නිලධාරීන්ට ලබාදී ඇත්තේ අර්ධ ස්වයංක්‍රීය පිස්තෝල හෝ රයිෆල් වැනි ආයුධයි. ඒවායෙන් සාපේක්ෂව සිදුවිය හැකි හානිය අවමයි. එසේම තවත් බොහෝ රටවල භාවිතා කරන්නේ අධිබල විදුලි තරංගයක් විහිදවන බැටන් පොල්ලක් (Police Electric Shock Baton) .එමගින් සුළු වේලාවකට පුද්ගලයන් අඩපණ කිරීමේ හැකියාව ලැබෙනවා.
    අපේ රටේ පොලිසිය සඳහා ස්වයංක්‍රීය ආයුධ ලබා දුන්නේ 1988/89 කාලයේ දී රට තුළ ඇති වුණු කැරලිකාර තත්ත්වය නිසයි.ඉන් අනතුරුව එල්.ටී.ටී.ඊ සංවිධානය සමග ඇති වූ සටන් සඳහා පොලීසිය ද යොදා ගැනීම හේතුවෙන් පොලීසියට දිගින් දිගටම මෙම ආයුධ ලබාදීම සිදු වුණා . නමුත් ස්වයංක්‍රීය ආයුධ භාවිතා කිරීමේදී ඒ සඳහා නිරතුරු පුහුණුවක් අවශ්‍ය වනවා .නියමිත ඉලක්කයට වෙඩි තැබීම සඳහා මෙම පුහුණුව අත්‍යවශ්‍ය වනවා. සාමාන්‍ය පොලිස් නිලධාරීන්ට නිරතුරුව එවන් පුහුණු ලැබෙන්නේ නැහැ .ඔවුන් සිදු කරන්නේ සිවිල් කටයුතු මිස ආරක්ෂක කටයුතු නොවීම එයට හේතුවයි (පොලිස් .විශේෂ කාර්ය බලකාය මීට වෙනස් ,ඒ අයට නිරතුරු අවි පුහුණුවක් ලැබෙනවා )
    රඹුක්කන සිදුවීමේදී වෙඩි තැබීමට අණ දෙන ලද ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා කියාසිටියේ තමා අරගලකරුවන් ගේ දණහිසට පහළින් වෙඩිතැබීමට නියෝග ලබා දුන් බවයි .නමුත් දණ හිසට තැබූ වෙඩි බඩට, පපුවට, ඔළුවට වැදීම මගින් මගින් ම සනාථ වන්නේ එම නිලධාරීන්ට නිසි ඉලක්කයකට වෙඩි තැබීමට පුහුණුවක් නොමැති බවයි .මේ අනුව නිසි පුහුණුවක් නැති පුද්ගලයකුට ස්වයංක්‍රීය ගිනිඅවියක් ලබාදීම ඉතාම අන්තරායකාරී වනවා. එය සාමාන්‍ය ජනතාවගේ ජීවිතය අවදානමකට ලක් කිරීමක්.එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කොට ඇති මූලික අයිතිවාසිකම් අතර වන ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය වීම හෝ උල්ලංඝනය වීමට ඉතා ආසන්න තත්වයක් ප්‍රදර්ශනය කරනවා එනම් එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන බව පෙනී යනවා
    මේ නිසා “සාම නිලධාරීන්” ගණයට අයත් වන පොලිසියෙන් ස්වයංක්‍රීය ගිනි අවි ඉවත් කිරීමට කටයුතු කිරීම ඉතා අත්‍යවශ්‍ය මෙන්ම කාලෝචිත පියවරක් බව පැහැදිලි වනවා.

    වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ
    M.B.B.S (PERADENIYA)
    LL.B (O.U.S.L)
    වෛද්‍ය නිලධාරී
    ජාතික රෝහල මහනුවර
    0714407117

    Tags: විශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    ආගමික

    ශ්‍රී පාදෙ ගිය රස්තියාදුකාර තරුණයෝ 23 ක් අත් අඩංගුවට!.

    පෙබරවාරි 23, 2024
    අධ්‍යාපන

    රනිල්ගේ හිඟා කෑම සහ ගැට නොවැටීම!. ජනපතිට නැවත ජනපති විය නොහැක!

    පෙබරවාරි 16, 2024
    රාජ්‍ය පරිපාලන

    රත්නපුරේ ඇමතිට එරෙහිව ගම්පොළ මහජන විරෝධයක් !

    පෙබරවාරි 16, 2024
    විදේශීය පුවත්

    ”CEYONESE CRAB ” සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි.

    පෙබරවාරි 4, 2024
    පුරාවිද්‍යා

    මහා විජයබාහුගේ සටන් බිම මානාවුළුපුර

    ජනවාරි 4, 2024
    විශේෂාංග

    පී. චන්ද්‍රසේකරන් මහතා වෙනුවෙන් ගුණානුස්මරන උළෙලක්

    දෙසැම්බර් 31, 2023
    ආරක්ෂක අමාත්‍යාංශය

    විශ්‍රාමික හමුදා නිලධාරියෙක් තනතුරුවලට පත්කිරීමේ භයානක කම සහ ආරක්ෂක ලේඛම්ගේ අයහපත් හැසිරීම.

    දෙසැම්බර් 30, 2023
    විශේෂාංග

    නැවත සොයා ගත් ” මොනාලිසා “

    දෙසැම්බර් 29, 2023
    තරුණ සහ ප්‍රජා පුවත්

    ඉලක්කයක්, දැක්මක්, කැපකිරීමක් නැති අපේ තරුණයන්ට, අපේ තරුණයෙක්ගෙන්ම පාඩමක්

    දෙසැම්බර් 22, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version