සිරස news frist මාධ්‍යවේදී වින්ධන ප්‍රශාද් මහතා හට පහරදීමක් පිළිබඳව පැතිර යන පුවත අසත්‍ය පුවතක් බව ශ්‍රී රාවණා ලංකා මාධ්‍ය ආයතනය විසින් news frist ආයතනයෙන් කල විමසීමකදී අනාවරණය විය.
කෙසේ නමුත් එහි සිටි යම් කිසි පිස්සු මිනිසෙකු විසින් ඔහුව තල්ලු කරමින් ගොස් තිබෙන බවත්, එම පුද්ගලයා තවත් කිහිප දෙනෙකුටම ඒ අකාරයෙන් යන එන ගමන් තල්ලු කර ඇති බවත් එය සාමාන්‍ය සිදුවීමක් බවත් ඔවුන් තහවුරු කරන ලදී.
කෙසේ වුවත් මෙම අරගලය හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩා විදින අතර මිරිහානේදී සාමාන්‍ය වැසියන් විශාල ප්‍රමාණයක් සමග මාධ්‍යවේදීන් හත් දෙනෙකුටද විශේෂ කාර්ය බලකාය පහර දී තිබිණි.
බොහෝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය වේදීන්ට විවිධ තරජන තිබෙන අතර ඊයේ (03) ලෝක මාද්‍ය නිදහස් දිනය වූ අතර මාධ්‍ය නිදහස වෙනුවෙන් සැකසෙන දර්ශකයේ පසුගිය වර්ෂයේ ශ්‍රී ලංකාවට හිමිව තිබුනේ 127 වැනි ස්ථානය වුවත් ඊයේ වන විට එය 146 වැනි ස්ථානය තෙක් පහල බැස ඇත.
















































