රට තුළ උද්ගතවී ඇති දේශපාලනිකථ ආර්ථික හා සාමාජීය අර්බුදයට සාධනීය මැදිහත්වීමක් කිසිඳු මහජන නියෝජිතයෙකු නොකිරීම සම්බන්ධයෙන් මහ නාහිමිවරුන් සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.
ඒ අනුව ඇතැම් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ සිදු කරන පටු දේශපාලනික අරමුණු කරගත් කථා හේතුවෙන් වත්මන් අර්බුදය සම්බන්ධයෙන් කිසිඳු සංවේදීභාවයක් නොමැති බව පෙනෙන්නට ඇති බවයි මහ නාහිමිවරුන් සඳහන් කරන්නේ.
ජනතා හඬට සවසන්දී රට දේශපාලනික වශයෙන් ස්ථාවර කර ආර්ථික දේශපාලනික සහ සාමාජීය අර්බුදය විසඳාගැනීමට කටයුතු කළ යුතු බවත් මහ නායකහිමිවරුන් මීට පෙර ඉදිරිපත් කළ යොජනා මාලාව ක්‍රියාත්මක කරන ලෙස යළි ඉල්ලා සිටින බවද අදාළ ලිපිය මඟින් සඳහන් කර තිබෙනවා.














































