මීට සුලු මොහොතකට පෙර ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කල අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රචණ්ඩත්වය නවතා දමන ලෙසද, රාජ්‍ය යාන්ත්‍රනය නැවත ගොඩනැගීමට අවස්තාව සලසන ලෙසද, ඉතාම හැගීම්බර ලෙස ඉල්ලා සිටින ලදී.
එසේම ඔහුගේ ඉරියව්වල ඉතාම විශාල පීඩනයක් තිබෙන බව පෙනෙන්නට තිබුණු අතර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව නැවතත් බලාත්මක කිරීමටත්, නව අමාත්‍ය මණ්ඩලයක් පත්කරන බවද, ජනාධිපති තනතුර අහෝසි කිරීමට ද අවශ්‍ය ඉඩ ප්‍රශ්තාව සලසා දෙන බවද සඳහන් කරන ලදී. කෙසේ වුවත් වෙනදා සිදු කල කතා වලට වඩා සංයමයක් මෙන්ම දැඩි පීඩාකාරී බවක්ද, කතාව පුරාම අඩංගුව තිබුණි.
ජනාධිපතිවරයා ලෙස සියල්ලම විසදා ඉවත්වීමේ කටයුතු සූදානම් කරමින් සිටින බව එහි අඩංගු විය.














































